අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "2016 - නිල් අහසේ වසන්තය" ජාතික සරුංගල් සැණකෙළිය

    අගෝස්තු 19, 2016
    ශ්‍රී ලංකාවේ ජාතික සරුංගල් සංවිධානය වන "කයිට් ශ්‍රී ලංකා" විසින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන නිල් අහසේ වසන්තය ජාතික සරුංගල් සැණකෙළිය අගෝස්තු 28දා දවස පුරා මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වේ. 
     
    මෙම සැණකෙළියට සමඟාමී ව "මතින් නිදහස් රටක්" තේමාවෙන් උදෑසන 8.00ට මීගමුව නගරයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ පා ගමනක් ද පැවැත්වේ. 
     
    ලෝක සාමය තේමා කොටගත් වැලි නිර්මාණ තරගාවලියක් ද පෙරවරු 8.30 සිට පැවැත්වෙන අතර  සෑම අංශයකින් ම ජයග්‍රාහකයින් සඳහා කුසලාන, පදක්කම් හා සහතික සමඟ වටිනා ත්‍යාග මෙන් ම මුදල් ත්‍යාග ද පිරිනැමීමට කටයුතු යොදා ඇත.
     
    "කයිට් ශ්‍රී ලංකා" සංවිධානය හා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය මෙන් ම තවත් සංවිධාන රැසක සහයෝගයෙන් මෙම සරුංගල් උළෙල පැවැත්වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya