දහවල් පෙරහර වීථී සංචාරය කොට ගැටඹේ තොටින් දිය කපා අවසන් කරන ඇසල පෙරහර සාර්ථක ලෙස පැවැත්වූ බවට වන සන්නස් පත්රය දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු කෙරේ.
මෙහිදී මහනුවර ඇසල පෙරහරට එක්වෙමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශිල්පීන් හා කණ්ඩායම් අගය කර සම්මාන හා සහතික පත් ප්රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරේ.