අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ පෙරහර සමාප්තිය හෙට ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 17, 2016

    ඇසළ පෙරහර අවසානයේ පැවැත්වෙන සමාප්ති උළෙලේදී කලාකරුවන් ඇගයීමට මෙවරත් ඇසළ පෙරහර භාරය මගින් කටයුතු යොදා ඇති බව පෙරහර භාරයේ බලයලත් නිලධාරී සහ ගගවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් බී.එම්.පී.ජී.ජී.වී. බණ්ඩාර මහතා පවසයි. ඒ අනුව හෙට (18) පැවැත්වෙන දහවල් පෙරහැරින් පසුව එදින පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී මෙම අවසථාව පැවැත්වීමට සංවිධානය කොට තිබේ.

    මෙහිදී පෙරහරේ අති විශිෂ්ඨ ශිල්පීන් පස් දෙනෙක් සඳහා ජීවිතයේ එක් වරකට පමණක් පිරි නැමෙන විශේෂ සම්මාන සහ ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර, ඇසළ පෙරහරට අඛංඩව සහභාගී වන වයෝවෘද්ධ විශිෂ්ඨ ශිල්පීන් දස දෙනෙක් සඳහාද ජනාධිපතිතුමන් අතින් සම්මාන ලබාද දීමට නියමිතය.

     

    මීට අමතරව විවිධ කලා ඉසව් යටතේ දස්කම් දැක්වූ විශිෂ්ඨ ශිල්පීන් 50 ‍දෙනෙක් වෙත සම්මාන පිරි නැමීමටද නියමිතව ඇති අතර, කුසලතා පූර්ණ කලා ශිල්පීන් ලෙස හඳුනා ගනු ලබන ශිල්පීන් 50 දෙනෙකුටද සම්මාන සහ ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

     

    මෙම සම්මාන වලට අමතරව පෙරහරේ ගමන් ගන්නා දක්ෂතම නර්තන කණ්ඩායම් 20 ක් තෝරා ඒ සඳහාද සම්මාන සහ සහතිකපත් ඇතුළු ත්‍යාග පිරි නැමීමට සියලු කටයුතු යොදා ඇති අතර, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින්ද දළදා මාළිගාවේ පෙරහරේ ගමන් කරන දක්ෂතම ශිල්පීන් 20 දෙනෙක් වෙත ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙවර පෙරහරේ දක්ෂතම ශිල්පීන් සඳහා මිලියන තුනකට අධික මූල්‍යමය ත්‍යාග පිරි නැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ.

     

    හය දෙනෙකුගෙන් යුත් ප්‍රවීන විනිසුරු මඩුල්ලක් විසින් මෙම ශිල්පීන් තේරීමේ කටයුතු සිදු කරනු ලබන අතර, සෑම රන්දෝලි පෙරහරක්ම ආවරණය කරමින් මෙම විනිශ්චයන් ලබා දෙනු ලැබේ. සම්මාන සහ සහතිකපත් වලට අමතරව මූල්‍යමය ත්‍යාග පිරිනැමීමටද මෙවර පෙරහර භාරය කටයුතු යොදා ඇත.

     

    ජනාධිපති ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගගවට කෝරලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පෙරහර භාරය සමඟ එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.

     

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya