පූජ්‍ය මානවිල රතනසිරි නාහිමිගේ මල්වතු පාර්ශවයෙන් පිදුම් ලැබූ මෙම පදවි නාමය පිදීමේ පූජෝත්සවය පසුගියදා එම විහාරස්ථානයේදී සිදුකල අතර එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද එක්වීය. ඇමතිවරයා විසින් නාහිමි වෙත විඡ්ජිනිපත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.