අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 රාජ්‍ය ඡායාරූප උළෙල හා ප්‍රදර්ශනය

    අගෝස්තු 11, 2016
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන 2016 රාජ්‍ය ඡායාරූප උළෙල ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු 19දා පස්වරු 4.00 ට බත්තරමුල්ල "අපේ ගම" පරිශ්‍රයේ මහවලව්ව ශාලාවේ දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    මෙහි දී ශ්‍රී ලංකාවේ ඡායාරූප ක්ෂේත්‍රයට කරන ලද සේවයට උපහාර ලෙස ප්‍රවීණ ඡායාරූප ශීල්පි එල්.එච්.ආර්. විජේතුංග මහතාට "ඡායාරූප අභිමානී" යාවජීව සම්මානය පිරිනැමීම ද සිදුකෙරේ.
     
    කලාත්මක හා විද්‍යාත්මක සන්නිවේදන මාධ්‍යයක් ලෙස ඡායාරූපකරණය ප්‍රචලිත කිරීම, ඡායාරූප ශිල්පය ප්‍රශස්ත - ගුණාත්මක මාධ්‍යයක් ලෙස පවත්වාගෙන යාම හා රාජ්‍ය මට්ටමින් ඡායාරූපකරණය සඳහා නිසි වෘත්තීය වටිනාකමක් ලබාදීම අරමුණු කර ගෙන අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර ඇත.
     
    ජීවන රටා සහ සංස්කෘතික අංග, සොබාදහම වනජීවී සහ භූමිදර්ශන, ජනමාධ්‍ය, ප්‍රවෘත්ති සහ ක්‍රීඩා, මංගල අවස්ථා හා විවෘත යන තරග අංශ 5  යටතේ මෙවර ඡායාරූප තරගය සඳහා නිර්මාණ 3000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණු අතර ඒ අතුරින් ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් මගින් එක්  අංශයකින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන හා කුසලතා සම්මාන 10 බැගින් සම්මාන 65ක් ලබාදීමට කටයුතු යොදා ඇත.
     
    2016 රාජ්‍ය ඡායාරූප උළෙලේ සම්මානලාභී ඡායාරූප හා තෝරාගත් ප්‍රශස්තතම ඡායාරූප ඇතුලත් ප්‍රදර්ශනයක් අගෝස්තු 20 හා 21  දෙ දින පුරා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා  අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වීමට ද  කටයුතු යොදා ඇත.
     
    මෙම අවස්ථාවට  අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහත්වරු ඇතුලු මැති ඇමතිවරු රැසක් සහභාගීවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya