අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආදිවාසි දින සැමරුම දඹාන කොටබකිනිය ගම්මානයේදි...

    අගෝස්තු 10, 2016
    ලෝක ආදිවාසී දිනය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඊයේ (09) ආදිවාසී ගම්මාන රැසක ආදිවාසින් එක්ව දඹාන කොටබකිනිය ගම්මානයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්විණි.
    ඒ සදහා ලංකාව පුරා විසිරී සිටින ආදිවාසීන්ගේ ගම්මාන 06 ක වැදි ජනතාව සහභාගී විය. ආදිවාසී ජන ගී ගැයුම් හා කිරිකොරහා ශාන්ති කර්මය ආදි ඔහුනට ආවේනික සංස්කෘතික අංගවලින් මෙම  අවස්ථාව වර්ණවත් විය.
     
    ඒ නිමිත්තෙන් ඔවුන්ට ආවේනික වරිග සභාව ඌරුවරිගයේ වන්නියැලත්තන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (08) රාත්‍රියේ දඹාන, මොරබැද්දේදි රැස්වු අතර එහිදි ඔහුන්ට ඇතිවි ඇති ගැටලු සම්බන්ධයෙන් ප්‍රධාන ආදිවාසී නායක දඹාන වන්නියැලත්තන් සමග සාකච්ඡා කෙරිණි. 
     
    මීට සමගාමීව ආදිවාසි ජනයාගේ අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ආදිවාසි ගම්මාන කේන්ද්‍ර කරගනිමින් පාසැල් පුස්තකාල ප්‍රවර්ධනය කිරීමේ ප්‍රථම අදියර ලෙස ආදිවාසී කලාපයට අයත් පාසැල් 07කට පොත් බොදාදීම සිදු කරන ලද අතර නොමිලේ වෛද්‍ය සායනයක් හා වියලි ආහාර සලාක බෙදාදීමක්ද සිදු කෙරිණි. 
     
    ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ආරාධනයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය  ප්‍රිශාන්ත ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන, මහියංගන ප්‍රාදේශිය ලේකම් පී.එස්.පී.අබේවර්ධන යන මහත්වරුන් සහභාගී වූ අතර, රාජ්‍ය නිලධාරීන්, ආදිවාසීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 
     
    ආදිවාසී දින සැමරුම් උත්සවය සංවිධානය කිරීම සඳහා  මධ්‍යම සංස්කෘතික අරමුදල හා මහියංගන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  සහයෝගය ලබාදී තිබුණි.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya