අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංඛ - පද්ම බහිරව පූජාව අභයගිරියේ දී

    අගෝස්තු 09, 2016
    අභයගිරිය,  සංඛ  - පද්ම බහිරව දේවාලයේ වාර්ෂික  පූජා මංගල්‍යය  මේ මස 10 වන දින සවස  6.00 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. 
    රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වෙන මෙම පූජා මංගල්‍යය අටමස්ථානාධිපති උතුරු - මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පුජ්‍ය පල්ලේගම හේමරතන මහ නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. එය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීම ආරම්භ කර ඇත්තේ 1987 වසරේදී ය. ඒ පූජ්‍ය පෙරිමින්කුලමේ උපතිස්ස නායක ස්වාමීන්වහන්සේගේ මුලිකත්වයෙනි. 
     
    රටට  ජාතියට ආශිර්වාද පතා පැවැත්වෙන මෙහි සංවිධානය කටයුතු සිදුකරන්නේ , අභයගිරි විහාරාධිකාරී , ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය පූජ්‍ය කලලංචියේ රතනසිරි ස්වාමීන් වහන්සේ ය. උත්සව කමිටුවේ සභාපතිත්වය මහදිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා විසින් දරනු ලබයි. 
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya