ලෝක ආදිවාසී දිනය අද (09)ට යෙදී ඇති අතර ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම අරමුණු කරගෙන සෑම වසරකම අගෝස්තු 9 වන දින ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි. ලොව පුරා සිටින ආදිවාසීන්ගේ අයිතිවාසිකම් සුරැකීමත් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ආදිවාසීන් නොනැසී පවත්වාගෙන යාමත් අරමුණු කරගෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1994 වසරේ පටන් සෑම වසරක ම මෙම දිනය සමරනු ලබයි.