අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික මහියංගණය ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සැප්තැම්බර් 2 දින

    අගෝස්තු 06, 2016

    ඓතිහාසික මහියංගණය ශ්‍රී සුමන මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍ය සඳහා කප් සිටුවීම ලබන සැප්තැම්බර් මස 02 සිකුරාදා රාත්‍රී 10.16 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිසාව බලා මහියංගණය රජමහා විහාර දිසාභිමුඛව සුමන සමන් මහා දේවාල අභ්‍යන්තරව සිදුකරනු ලබන බව බස්නායක නිළමේ නීතීඥ ගයාන් හීන්කෙන්ද මහතා පවසයි.

    සැප්තැම්බර් 02 සිට සැප්තැම්බර් 16 වන දින දක්වා මහියංගණය ඇසළ පෙරහැර පැවැත්වෙන අතර සැප්තැම්බර් 17 දින අළුයම ඓතිහාසික වැදි පෙරහැර පැවැත්වීමත් අනතුරුව එදින පෙරවරුවේ දියකැපීමෙන් පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.

     

    මේ නිමිත්තෙන් මහියංගණ රාජමහ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිපානන් වහන්සේගේ අනුශාසනාව පරිදි සැප්තැම්බර් 02 දින සමන් දේවාල අභ්‍යන්තරයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින උදෑසන සපිරිකර සංඝගත දක්ෂිණාවක් සහිත දානයක් පිරිනැමීමද සිදුකෙරේ.

    මේ පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා මහියංගණ රාජමහ විහාරාධිපති හිමිපානන් වහන්සේගේ සහ ශ්‍රී සුමන මහ සමන් දේවාලයේ බස්නායක නිළමෙතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහියංගණ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, මහියංගණ ප්‍රාදේශීය ලේකම් ප්‍රභාත් අබේවර්ධන යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ දායක සභාවේ විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya