අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජන අවස්ථා පැහැදිලි කරන්නන් බලගැන්වීමේ වැඩමුළුවක්

    මැයි 31, 2014

    සංචාරක මග පෙන්වන්නන් හා අදාළ අනෙකුත් වෘත්තීන්හි නියැලෙන්නන් සඳහා එක් දින වැඩමුළුවක් ජුනි මස 21 වන දින පෙ.ව. 8.30 සිට ප.ව. 6.00 දක්වා කොළඹ විශ්වවිද්‍යාලීය ප‍්‍රධාන පුස්තකාලයේදී පැවැත්වේ.


    ශ‍්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් පවත්වනු ලබන ප‍්‍රථම පුහුණු පාඨමාලාව වන මෙය රුසියානු සංචාරක මාර්ගෝපදේශක කථිකාචාරයවරුන්ගේ සංගමය සහ කොළඔ විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා අධ්‍යයන අංශයේ සහභාගිත්වය ඇතිව සංවිධානය කෙරේ.

    ශ‍්‍රී ලංකාවට සංචාරකයින් වශයෙන් පැමිණෙන බොහෝ අය ශ‍්‍රී ලංකාව තුළ  ආයෝජන අවස්ථා පිළිබඳ විමර්ශනය කරන්නන් ලෙස සහ  තම මව් රටවල වෙසෙන ආයෝජකයින්ට තොරතුරු සපයනනන් ලෙසත් කටයුතු කරති. ඔවුන් සමග නිරන්තරයෙන් කටයුතු කරන ශ‍්‍රී ලාංකේය සංචාරක මග පෙන්වන්නන් රටේ පවත්නා ආයෝජන හා ව්‍යාපාරික අවස්ථා පිළිබඳ දැනුවත් කරමින් ඔවුන් ඒ සඳහා බල ගැන්වීම අපේ රටට වැඩි වැඩියෙන් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා උපකාරී වේ. මෙලෙස ඔවුන් දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ ප‍්‍රධාන අරමුණ බව කොළඔ විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයන අංශයේ ප‍්‍රධාන සම්බන්ධීකාරක ආචාර්ය සුරංග සිල්වා මහතා පවසයි.

    මේ සඳහා සහභාගී වන සංචාරක මග පෙන්වන්නන්ට ශ‍්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ දැනුම, රජයේ දිරි ගැන්වීම් හා විදේශ ආයෝජන සඳහා වූ ප‍්‍රතිපත්ති උපදේශන ලබා දීමට නියමිතය. තවද ඔවුන්ගේ ධනාත්මක චින්තනය, නායකත්ව කුසලතා හා සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම සඳහා මෙම වැඩමුළුව උපකාරී වනු ඇත. එමෙන්ම මෙහිදී සෞඛ්‍ය ආරක්ෂණය හා ආරක්ෂාව සහ පාරිසරික ප‍්‍රමිතීන් පිළිබඳ දැනුම වර්ධනය කිරීමටත්, ව්‍යාපෘති වාර්තා සැකසීම පිළිබඳ ප‍්‍රායෝගික දැනුම වර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරේ.

     

    මෙම වැඩමුළුවේ සම්පත් දායකයින් ලෙස ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අදාළ ප‍්‍රවර්ධන නිලධාරීන්, ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු සහභාගී වනු ඇත. වැඩසටහන සාර්ථක ලෙස නිම කරන අයට කොළඹ විශ්වවිද්‍යාලීය ආර්ථිකවිද්‍යා අංශය මගින් වටිනා සහභාගිත්ව සහතිකයක් පිරිනමනු ඇත.
     

    මේ සඳහා සහභාගීවීමට උනන්දුවක් දක්වන අයට අවශ්‍ය තොරතුරු රුසියානු සංචාරක මාර්ගෝපදේශක කථිකාචාරයවරුන්ගේ සංගමයේ සභාපති අසංක සේනානායක (0718716755) මහතා ඇමතීමෙන් හෝ 011258266 හෝ 0716060995 යන දූරකතන අංකවලට ඇමතීමෙන් ලබා ගත හැකිය.

    ECB/DM_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya