මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියානු චිත්‍රපට උළෙල 2014 - අදින් අවසන්

    මැයි 30, 2014
    රුසියානු තානාපති කාර්යාලය, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබන රුසියානු චිත්‍රපට උළෙල අද (30) අවසන් වේ.
     
    අද ‘ටෝයිසෙලර්’ චිත්‍රපටය සවස 3.00ට ප්‍රදර්ශනය කෙරෙනු ලැබේ. සෙල්ලම් බඩු විකුණමින් ප්‍රංශයේ ජීවත්වන රුසියානු ජාතිකයකුගේ කතාවක් මෙහි ඇතුළත් වේ. මේ සිනමා උළෙලේ අවසන් චිත්‍රපටය ලෙස පස්වරු 5.30ට රුසියාවේදී වෛද්‍ය විද්‍යාව හා සිනමාකලාව හැදෑරු අයකු වන වෛද්‍ය කපිල සූරියආරච්චි මහතා අධ්‍යක්ෂණය කළ ‘ප්‍රතිරූ’ ච්ත්‍රපටය තිරගත කරනු ඇත.
     
    ඊයේ (29) සංගීතඥයකු හා කිවිඳියක සමග අන්තර්ජාලය හරහා ගොඩනැගෙන ප්‍රේම සම්බන්ධයක් පිළිබඳ පැවසෙන "ලියුබව් රු" චිත්‍රපටයද, මිතෙල් සොලකෝගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වු "ඩෙස්ටින් ඔෆ් අ මෑන්" සිනමාපටය තිරගත කෙරුණි. 
     
    මෙලෙස රුසියානු සිනමා උළෙක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන්නේ වසර 20කට පසුවය. විසි වසරකට පසු පැවැත්වෙන සිනමා උළෙල නැරඹීමට ශ්‍රී ලාංකීය සිනමාලෝලින්ට රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය ආරාධනා කර සිටී. මෙම චිත්‍රපට උළෙල නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya