අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියානු චිත්‍රපට උළෙල 2014 - අද සිනමාපට දෙකක්

    මැයි 28, 2014
    රුසියානු තානාපති කාර්යාලය, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබන රුසියානු චිත්‍රපට උළෙල අද (28) සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී ආරම්භ වීමට නියමිතය. 
     
    අදින් ආරම්භ වන සිනමා උළෙල අනිද්දා (30) දක්වා පැවැත්වේ. මෙලෙස රුසියානු සිනමා උළෙක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන්නේ වසර 20කට පසුවය. 
     
    ඒ අනුව අද (28) ‘බෙල්කා ඇන්ඩ් ස්ටෙල්කා මිස්චිවෝස් ලිට්ල් ෆැමිලි’ සිනමා පටය සවස 3.00ට ප්‍රදර්ශනය කෙරේ. මෙය පරිගණක සජීවිකරණ චිත්‍රපටයකි. සවස 5.30 සිට ‘ද එම්ප්‍රස් ඇන්ඩ් ද රොබර්’ සිනමාපටය ප්‍රදර්ශනය කරනු ඇත.
     
    විසි වසරකට පසු පැවැත්වෙන සිනමා උළෙල නැරඹීමට ශ්‍රී ලාංකීය සිනමාලෝලින්ට රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය ආරාධනා කර සිටී. මෙම චිත්‍රපට උළෙල නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya