අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 සාර්ක් චිත්‍රපට උළෙල අදින් අවසන්

    මැයි 25, 2014
    සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සිව්වන වරටත් සංවිධානය කළ සාර්ක් චිත‍්‍රපට උළෙල අද (25) අවසන් වීමට නියමිතව ඇත.
     
    ඒ අනුව අද පෙරවරු 10.30ට ශ්‍රී ලාංකික විශේෂාංග චිත්‍රපටයක් වන "සූවිසි විවරණ" චිත්‍රපටය තිරගත කෙරේ.
     
    පස්වරු 6.00 ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් චිත්‍රපට උළෙලේ සම්මාන ප්‍රදානය කිරීම සිදු කෙරේ.
     
    ඊයේ (24) ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන "සැමීගේ කතාව", භූතාන චිත්‍රපටයක් වන "My Teacher, My World", මාලදිවයින් චිත්‍රපටයක් වන "Dhilakani" හා ඉන්දියානු චිත්‍රපයක් වන"Kanyaka Talkies" විශේෂාංග චිත්‍රපට 4 තිරගත කෙරුණි. 
     
    මෙම චිත‍්‍රපට උළෙල සඳහා දකුණු ආසියානු කලාපීය සාමාජික රාජ්‍යයන් වන ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින්, පාකිස්ථානය හා ශ‍්‍රී ලංකාව ආදී රටවල චිත්‍රපට තෝරාගෙන ඇත. සාර්ක් චිත‍්‍රපට උළෙල සඳහා වෘතාන්ත හා කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන අතර සියලු චිත‍්‍රපට දර්ශන මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිවේ.
     
    මෙම උළෙලේදී දකුණු ආසියානු රටවල හොඳම චිත‍්‍රපට නැරඹීමට චිත‍්‍රපට ලෝලීන්ට ලැබෙන අද්විතීය අවස්ථාවක් වන අතර චිත‍්‍රපට කලා මාධ්‍යයේ නියැළී සිටින සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම මෙම චිත‍්‍රපට උළෙල නැරඹීමට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya