අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් චිත්‍රපට උළෙල 2014 - අද කෙටි චිත්‍රපට සමඟින් වෘතාන්ත චිත්‍රපටයක්

    මැයි 23, 2014
    සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සිව්වන වරටත් සංවිධානය කරන සාර්ක් චිත‍්‍රපට උළෙලේ අද (23) කෙටි චිත්‍රපට තුනක් සමඟින් එක් වෘතාන්ත චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.
     
    ඒ අනුව අද පස්වරු 3.30ට පකිස්තානු කෙටි චිත්‍රපටයක් වන "Our Jacob", ශ්‍රී ලාංකීය කෙටි චිත්‍රපට වන "Cynical Legacies" සහ "Bathalangunduwa" ප්‍රදර්ශනය කිරීමට නියමිතය. පස්වරු 6.30ට "Main hoom Shaid Afridi"  පකිස්තානු වෘත්තාංත චිත්‍රපටයද ප්‍රදර්ශනය කෙරේ.
     
    චිත්‍රපට උළෙලට සමගාමීව චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සඳහා අද පෙරවරු 10.00ට ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී වැඩමුළුවක් පැවැත්වීමටද නියමිතය. 
     
    ඊයේ (22) "Makara" සහ " Pahada" ඉන්දියානු කෙටි චිත්‍රපට දෙක සමඟින් මාලදිවයින් වෘත්තාන්ත චිත්‍රපටයක් වන "Ingili" (Finger) ප්‍රදර්ශනය කෙරුණි. 
     
    චිත්‍රපට උළෙල 25 වන දින දක්වා ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම චිත‍්‍රපට උළෙල සඳහා දකුණු ආසියානු කලාපීය සාමාජික රාජ්‍යයන් වන ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින්, පාකිස්ථානය හා ශ‍්‍රී ලංකාව ආදී රටවල චිත්‍රපට තෝරාගෙන ඇත. සාර්ක් චිත‍්‍රපට උළෙල සඳහා වෘතාන්ත හා කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන අතර සියලු චිත‍්‍රපට දර්ශන මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිවේ.
     
    මෙම උළෙලේදී දකුණු ආසියානු රටවල හොඳම චිත‍්‍රපට නැරඹීමට චිත‍්‍රපට ලෝලීන්ට ලැබෙන අද්විතීය අවස්ථාවක් වන අතර චිත‍්‍රපට කලා මාධ්‍යයේ නියැළී සිටින සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම මෙම චිත‍්‍රපට උළෙල නැරඹීමට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya