මෙම චිත‍්‍රපට උළෙල සඳහා දකුණු ආසියානු කලාපීය සාමාජික රාජ්‍යයන් වන ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින , නේපාලය, පාකිස්ථානය හා ශ‍්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරනු ලබයි.
සාර්ක් චිත‍්‍රපට උළෙල සඳහා වෘතාන්ත හා කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන අතර සියලු චිත‍්‍රපට දර්ශන මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිවේ.
මෙහි සමාරම්භක උත්සවය 20දා පස්වරු 5.30ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වේ. මෙම උළෙල සඳහා ඒ ඒ රටවල් නියෝජනය කරනු ලබන චිත‍්‍රපටවල අධ්‍යක්ෂකවරුන් හා නළු නිළියන් ද සහභාගීවීමට නියමිතය.
මෙම උළෙලේදී දකුණු ආසියානු රටවල හොඳම චිත‍්‍රපට නැරඹීමට චිත‍්‍රපට ලෝලීන්ට ලැබෙන අද්විතීය අවස්ථාවක් වන අතර චිත‍්‍රපට කලා මාධ්‍යයේ නියැලී සිටින සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම මෙම චිත‍්‍රපට උළෙල නැරඹීමට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.
DB