අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පොළ වෙසක් කලාපය 17 දක්වා

    මැයි 15, 2014

    වෙසක් උත්සවය නිමිත්තන් ගම්පොළ නගරය හා අම්බුළුවාව සර්ව ආගමික හා ජෛව විවිධත්ව මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගත් වෙසක් කලාපයක් අදත් (15) පැවැත්වේ. මෙය ලබන 17 දින දක්වා ක්‍රියාත්මක වේ.


    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ සංකල්පයක් මත මේ වෙසක් කලාපය ක්‍රියාත්මකයි. ගම්පොළ රතනඝර විහාරස්ථානයේදී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක්ද මීට සමගාමීව ප්‍රදර්ශනය කෙරේ.


    දර්ශනීය වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ශ්‍රී පාද ආකෘතිය, බැති ගී සංදර්ශන, විරිඳු ගායනා තරග, රූකඩ සංදර්ශන හා දන්සැල් ද මේ වෙසක් කලාපය තුළ ක්‍රියාත්මක වේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya