අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා දහම්පාසල්වල ආචාර්යවරු 122084ක්

    මැයි 11, 2014

    බොදු දරුවන්ගේ දහම් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක ව ඇති දහම් පාසල්වල 2013 දෙසැම්බර් අවසානය වන විට ගුරුවර ගුරුවරියන් 122,084 දෙනෙක් සේවයේ නිරත ව සිටි බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි.


    දහම් පාසල්වල ඉගැන්වීම ස්වේච්ඡාවෙන් කරනු ලබන සේවාවක් වන අතර දහම් පාසල් අවසාන විභාගය සමත් වීම, බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් වීම; අධ්‍යයන පොදු සහතිකපත්‍ර විභාගයේ දී බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයනට සම්මාන සාමාර්ථයක් ලබා තිබීම; මූලික පිරිවෙන් අවසාන විභාගය සමත්ව තිබීම; ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම හෝ අවසාන විභාගය සමත්ව තිබීම; බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂටාචාරය යන විෂයයන්ගෙන් එකක් සහිතව උපාධියක් ලබා තිබීම‍ හෝ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධ ධර්ම ඩිප්ලෝමාව ලබා තිබීම යන සුදුසුකම් සපුරා ඇති අය මෙන් ම ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සහ පිරිවෙන්වල දැනට සේවයේ නියුතු හෝ විශ්‍රාමික ගුරු භවතුන් දැනට දහම් පාසල්වල සේවයේ නිරත ව සිටී.


    ප්‍රාදේශීය ලේකම්වරුන් බෞද්ධ කටයුතු සහකාර කොමසාරිස්වරුන් ලෙස දැනට පත් කර තිබෙන අතර දහම් පාසල්වලට පුස්තකාල දීමනාව හැටියට රජය වසරකට රුපියල් 2,000ක දීමනාවක් ලබා දෙන අතර දහම් පාසල් ගුරුවරුන්ට නිල ඇඳුමක් ලබා දීමට ද පියවර ගෙන තිබෙන බව සඳහන් වේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya