අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනයකර්ම පුණ්‍යෝත්සවය ජූනි 02

    මැයි 09, 2014

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 69 වැනි උපසම්පදා විනයකර්ම පුණ්‍යෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ජූනි 02දා මාතර නිල්වලා නදිය අසබඩ දී පැවැත්වීමට නියමිතය.


    ක්‍රි.ව. 1863 ජූලි මස 13 වැනි දින ගාල්ලේ මහමෝදර උදකුක්ඛේප සීමාමාල‍කයේදී සිදු කරන ලද ප්‍රථම උපසම්පදාවෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් පසුගිය වසර 150ක් තිස්සේ සිදු කොට ඇත්තේ උදාර සේවාවකි.

     

    අතිපූජ්‍ය අඹගහ‍වත්තේ ඉන්ද්‍රාසහවරඤාණසාමි නායක ස්වාමීන් වහන්සේ මෙහි ආරම්භක මහා නායක හිමිපාණන් වහන්සේ වූහ. එදා සිට මේ වනතුරු මහා යථිවරයාණන් වහන්සේලාගේ නායකත්වය රාමඤ්ඤ මහා නිකායට ලැබුණි. වර්තමානයේ එහි උත්තරීතර මහානායක පදවිය හොබවනුයේ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නායක ස්වාමීන් වහන්සේයි.

     

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 150 වැනි සැමරුම පසුගිය වසරට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වුණු ආගමික උත්සව මාලාවද මේ පුණ්‍යෝත්සව‍යත් සමඟ නිමාවට පත් කෙරෙනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya