දිගු කාලීන මිතුරු රටක් ලෙස ජපානය සම්බන්ධයෙන් ලංකාවේ අපට ඇත්තේ ඉතාමත් හොඳ සුහද හැඟීමක් බවත් විශේෂයෙන්ම අපේ රටේ සංවර්ධනයට යටිතල පහසුකම් දියුණුවට ජපානය දක්වන සහාය අගය කරන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
ඉහළ පෙලේ ජපාන ආයෝජකයින් පිරිසක් ඊයේ (31) බලශක්ති අමාත්‍යංශයේදී අමාත්‍යවරයා හමුවූ අවස්තාවේ දී අමාත්‍යවඑයා මේ බව පැවසුවේය.
එහිදී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහ විශේෂයෙන් විදුලි සම්ප්‍රේශණ පද්ධතිය නවීකරණය හා සංවර්ධනය කිරීමෙහිලා ඇති ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරන ලදී.
තවද විදුලිබල උත්පාදන සහ සම්ප්‍රේශණ ක්ෂේත්‍ර යේ ලංකාවේ ඇති අවස්ථා ප්‍රයෝජනයට ගෙන අපේ රටේ එම ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට ඉදිරිපත්වීම අගය කරන බවත් එකී ආයෝජකයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය කැපවී සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
මෙරට තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතන වෙතින් ලබාගත යුතු අවසර ලබා ගැනීමේ ක්‍රියාවලියේ ඇති ප්‍රමාදයන් හා ගැටළු සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් එම ආයෝජකයින් විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලද අතර එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ රජයක් ලෙස එම ගැටළු හඳුනාගෙන ඇති බවත්, ඉදිරියේදී එම ගැටළු විසඳීමට අවශ්‍ය පියවර ගෙනඇති බවත්ය.
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සම්බන්ධව තමන්ගේ වැඩි කැමැත්තක් ඇති බවත්, අමාත්‍යවරයා වෙතින් ලද තොරතුරුද සැලකිල්ලට ගෙන ඉදිරියේදී එම ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට කටයුතු කරන බවද මෙම හමුවේදී ජපාන ආයෝජක පිරිස අමාත්‍යවරයා වෙත පවසා සිටියහ.
මේ අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂණ ගමගේ මහතාද එක්ව සිටියේය.


