පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රිකවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 අතර අවධානය යොමු කලයුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා,
එළිමහනේ වැඩකටයුතු කරන පිරිස වැඩි වශයෙන් දියර ද්‍රව්‍ය සහ ජලය පානය කරන ලෙසත් රෝගී පිරිස සහ දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.