ඊයේ (19) රාත්‍රි 11.30 පමණ මින්නේරිය සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර අලි 7 දෙනෙකු මීනගයා දුම්රියේ ගැටී ඇති බවත්, තුවාල ලැබු අලි පැටවා සහ ගැහැණු සතා ගිරි තලේ වන ජීවි පශු වෛද්ය නිලධාරී කණ්ඩායම් ප්රතිකාර කිරීමට කටයුතු කරමින් සිටීන බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම අනතුරින් අලි පැටව් 3 දෙනෙකු සහ වැඩිහිටි ගැහැණු අලි 2 දෙනෙකු මියගොස් ඇති අතර තවත් වැඩිහිටි ගැහැණු සතෙකු සහ පැටවකු තුවාල ලබා තිබේ.
සිදුවීම වූ විගස දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්, පොලිසිය සහ වනජීවී නිලධාරීන් එක්ව අවශ්ය කටයුතු සිදු කල අතර වැඩිදුර පරික්ෂණ සිදුකිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.