ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට ලබා දුන් සහල් , පරිප්පු , ඔයිල් ඇතුළු ද්‍රව්‍යය මෙට්ට්‍රික් ටොන් 1623ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජයේ දිසා ගබඩාවේ තිබෙන බවත්, මෙම ද්‍රව්‍යය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුස බවත්, ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ආහාර කොමසාරිස් උපුල් ශාන්තද සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ, අද(03) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ආහාර කොමසාරිස්වරයා -
ආහාර දෙපාර්තමේන්තුව ලංකාව පුරා ගබඩා 103ක් පරිපාලනය කරනවා. ආහාර ගබඩා කිරීම සඳහා ගබඩා ලබාදීම, සතොස, රේගුව වැනි ආයතන වලටත් ගබඩා පහසුකම් ලබා දෙනවා.
ලෝක ආහාර සංවිධානය විසින් ලබා දුන් ආහාර ගබඩා කිරීම සඳහාත් වේයන්ගොඩ පිහිටි ගබඩා අප දෙපාර්තමේන්තුව මගින් නොමිලයේ ලබා දී තිබෙනවා.
නමුත් 2022 වර්ෂයේ එම ආහාර බෙදා දී නොමැති බවත් ඒ අනුව , වේයන්ගොඩ දිසා ආහාර ගබඩාව තුළ තිබී හමුවූ මෙම ආහාර ද්‍රව්‍ය මේ වන විට මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පවතින බව පෙනී යන නිසා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නවා.