ජාත්‍යන්තරව පිළිගත් ඉහළම තත්වපාලන ක්‍රමවේද භාවිතා කරමින් ගුවන්යානා සදහා තෙල් නිකුත් කිරීමත් තෙල් ගබඩා ධාරිතාව ලීටර් මිලියන 13ක් පමණ දක්වා වැඩි කරන්නට කටයුතු කර ඇති බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ , බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
එමෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා අතිවිශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අඛණ්ඩව ගලා ඒම සහතික වන බවද ඇමතිවරයා පැවසීය.
ඉන්ධන නල පද්ධතියද වැඩිදියුණු කර බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ඉදිරි වසර 20කදී අවශ්‍ය වන නවීකරණ අවශ්‍යතා වලට ගැලපෙන අයුරින් සිදුකීරිමට මූලික අඩිතාලම දමා අවසාන බව පැවසු අමාත්‍යවරයා , මුතුරාජවෙල සිට ඉදිකෙරෙන විශේෂ නලපද්ධතියක් හරහා මෙම පර්යන්තය වෙත ඉන්ධන රැගෙන ඒමේ සැලසුමක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවද සදහන් කළේය.