වරාය හා ගුවන්⁣සේවා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය

වරාය හා ගුවන්⁣සේවා ආයෝජනයට  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය
  • SocialShare:

මෙරට වරාය හා ගුවන්සේවා සඳහා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා පවසයි. 

ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග පසුගියදා  පැවැති හමුවේදී  ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

එසේම Port City හි නිර්මාණය කළ හැකි ගුවන් පර්යන්තයක් (City terminal) සඳහා ආයෝජනයටද එහිදී එකඟතාවය පළ කර තිබේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.