ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියට නව සභාපතිවරියක්

ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියට නව සභාපතිවරියක්
  • SocialShare:

බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා, ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත් කර ඇත.

ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ඇය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ‍‍්‍රී ලාංකිකයාද වේ.

මේ වන විට ඇය මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරයි.