මේ වන විට දිවයින පුරා තරුණ තරුණියන් ලක්ෂ 03කට ආසන්න ප්‍රමාණයක් යූත් ක්ලබ් තරුණ සම්මේලන සමඟ එක් වී ඇතැයි ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
ඊයේ (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විට රට පුරා 91%කට වැඩි යූත් ක්ලබ් ප්‍රමාණයක් පිහිටුවා ඇති බවත්, පසුගිය ඉරිදා වනවිට සෑම දිස්ත්‍රික්කයකම තරුණ සම්මේලන පවත්වා නිලධාරී මණඩලය පත් කර ඇතැයිද ඇමතිවරයා කීය.
මෙම යූත් ක්ලබ් වැඩසටහන ඔස්සේ වසර 32කට පසු තරුණ සම්මේලන පවත්වා , ඉදිරි වසර 02 සඳහා තරුණ නායක නායිකාවන් ලෙස පත්වීමට අවස්ථාව සලසා දී ඇතැයිද කීය. ඉදිරියේදී ජාතික තරුණ සේවා සභාව සහ ඊට අනුබද්ධ අනෙකුත් ආයතන තරුණ තරුණියන්ට අයත් ආයතන බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් සකසා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"ජාතික තරුණ සේවා සභාවට අපේ රටේ තරුණ තරුණියන් සම්බන්ධ වන්නේ 1979 ආරම්භ වූ යෞවන සමාජ ව්‍යාපාරයෙන්. නමුත් එම යෞවන සමාජ හිතාමතා අක්‍රිය කළා. ගම්වල සිටි තරුණ තරණියන්ට මේ නිසා ඉදිරියට ඒමේ අවස්ථා මග හැරුණා. අපිට ඕන වුනේ තරුණයාට අවස්ථාව දෙන්න
ඒ අනුව බිඳ වැටුණු යෞවන සමාජ යලි පණගන්වන්නට පසුගිය මැයි 23 වෙනිදා හැකි වුණා. එදිනට යෙදී තිබූ තරුණ දිනයට සමගාමීව දිස්ත්‍රික්ක 25ම , ග්‍රාමසේවා 14002 සිටින තරුණ තරුණියන්ට යෞවන සමිතිවලට එකතුවෙන ලෙස අපි ආරාධන කළා. මේ වන විට ලක්ෂ 03කට ආසන්න තරුණ තරුණියන් පිරිසක් යූත් ක්ලබ් සමඟ එකතු වෙලා තිබෙනවා. යූත් ක්ලබ් 12, 700ක් මේ වනවිට පිහිටුවා අවසන්"


