මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතියේ ප්‍රමූඛතා පටලවා නොගෙන නීතිය හා සාමය ස්ථාපිත කළ යුගයක්

    දෙසැම්බර් 18, 2014

    ජාතියේ ප්‍රමුඛතා පටලවා නොගෙන සිය පළමු සහ දෙවන ධූර කාලයන්හිදී කටයුතු කළ බවත් ත්‍රස්තවාදය ඉවත් කිරීමෙන් පමණක් ම නීතිය හා සාමය පවත්වාගෙන යන බව සහතික කර ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කොළඹ දී පැවසීය.


    ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා ආර්ථික ක්ෂේත්‍ර යේ ස්ථාවරත්වයේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණින් "තිරසාර ශ්‍රී ලංකාවක් සඳහා වන වෘත්තිකයන්ගේ සංවිධානය" විසින් සංවිධානය කරන ලද ආසියාවේ විශාලතම සමකාලික වෘත්තීය සංසදය: ස්ථාවර දේශයක්, අඛණ්ඩ ප්‍රගතියක්‘ මැයෙන් ඊයේ (17) කොළඹ දී පැවැත්වුණු ‘මොමෙන්ටම් 2014’ සංවාද මණ්ඩපය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එසේ පැවසීය.  


    එහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරන ලද කතාව

    ආයුබෝවන්, සුබ උදෑසනක්,

    පෞද්ගලික අංශයේ අය, ආයෝජකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරික නායකයන්, වෘත්තිකයන්, ශාස්ත්‍රඥයන් සහ ශ්‍රී ලංකාවේ අභියෝගවලට ධෛර්යමත් ව මුහුණ දෙන වෙනත් අය රාශියක් රැස්ව සිටින මේ වැදගත් අවස්ථාවේ කතා කිරීමට ලැබීම සතුටකි. මාගේ අනාගත සැලසුමේ ඔබ සමඟ බෙදා හදා ගැනීමට ලැබීම ද මා දිරිගැන්වීමකි.

    එසේ කිරීමට පෙර, 2005 නොවැම්බර් මස ඔබ මට පළමු ජන වරම ලබා දුන් අවස්ථාවේ, අප ආර්ථිකය වර්ධනයකින් තොරව තිබූ බවත්, රට දැය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දැඩි තර්ජනයකට ලක්ව තිබූ බවත් ඔබට මතක් කර දීමට අවශ්‍යයි. ඒ වන විට මට දේශය වෙනුවන් පැහැදිලි දැක්මක් තිබුණා. මාගේ පළමු වන ජනාධිපතිධූර කාලයේ මාගේ ප්‍රමුඛත්වය සහ පොරොන්දුව වූයේ අපේ මේ බිම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවා ගැනීමයි.

    මෙම පොරොන්දුව සම්පූර්ණයෙන් ම ඉටුකර, සාමය උදා කර, ප්‍රතිසන්ධානය වෙත ප්‍රදේශවීමෙන් අනතුරුව පමණක් මා දෙවන වරමක් අපේක්ෂා කළ බව ඔබට මතක ඇති.

    ශීඝ්‍ර සංවර්ධනයක් සහ ආර්ථික වර්ධනයක් සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම පශ්චාත් යුද සමයේ අවධානය යොමු වී ඇත. මේ සඳහා සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ආරක්ෂා කරමින් රටේ, විශේෂයෙන් ම උතුරේ සහ නැගෙනහිර, ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපනය කිරීම මීට ඇතුළත් විය. මේ පැවැත්වෙන ජනාධිපතිවරණය ම රටේ නැවත ස්ථාපනය කර ඇති ප්‍රජාතන්ත්‍රවාදයට සාක්ෂි දරයි.

    දෙවන වරම සඳහා මාගේ දැක්ම සහ කාර්යය වූදේ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇති කිරීම, ආර්ථිකයේ ප්‍රබල වර්ධනයක් ඇති කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම හා එමගින් රට පුරා සමාජීය වර්ධනයක් ඇති කිරීමයි.

    මෙහි ප්‍රධාන අංගයක් වන්නේ නැගෙනහිර සිට බස්නාහිරටත්, උතුරේ සිට දකුණටත්, රට මධ්‍යයේත් ඔබ දකිනා දීර්ඝ කාලීන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යයයි. මෙය නාගරික මෙන්ම ග්‍රාමීය අංශ ආවරණය කරන අතර, රට නවීන ලෝකයේ සාඩම්බර ස්ථානයක් බවට පත් කිරීමට උත්සාහ කරයි.

    අප ප්‍රවාහන ජාලයේ විප්ලවීය වෙනසක් ලෙස පමණක් විස්තර කළ හැකි, මාර්ග, මහා මාර්ග සහ අධිවේගී මාර්ග ජාලයකින් ඔබ අද ප්‍රතිලාභ ලබයි. මීට අමතරව දුම්රිය මාර්ග ජාලයේ ද වර්ධනයක් ඇත. ගමන් කාලය අඩු කිරීම මඟින් මේ සෑම දෙයක් ම සම්බන්ධතාවක් නිර්මාණය කරන අතර එමඟින් විශේෂයෙන්ම භාණ්ඩ සහ නිෂ්පාදන ප්‍රවාහනය ඉක්මන් කරයි.

    ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීමෙහි ප්‍රයෝජන හොඳින් යොදා ගත හැකි ලෙස පිහිටා ඇති හම්බන්තොට ද වැදගත් සංවර්ධන කටයුතු සිදු වෙමින් පවතින අතර, ඔබ දන්නවා වරාය සහ ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි දීර්ඝ කාලීන සැලැස්මක් සහිතව අප ඉතා වැදගත් යටිතල පහසුකම් සම්බන්ධ ව්‍යාපෘති නිර්මාණය කරමින් සිටින බව.

    මාගේ දයාබර මිත්‍රවරුනි,

    මෙම සුවිශාල සංවර්ධන සැලැස්මේ තවත් අංගයක් වන්නේ නව ව්‍යාපෘති තුළින් මුළු රටට ම අඛණ්ඩ, වියදම් අඩු විදුලිබලය ලබා දීමත්, සුළඟ සහ සූර්ය ශක්තිය වැනි හරිත බලශක්ති මූලාශ්‍ර එකතු කිරීමත්ය.

    අධ්‍යාපනය වැනි අනෙකුත් සංවර්ධන සාධක වැඩි දියුණු කිරීම විශාල ප්‍රගතියක් ලැබූ තවත් අංශයකි. අපගේ ඉදිරි සංවර්ධන ගමන වේගවත් කිරීමටත්, ශ්‍රී ලංකාව තවදුරටත් ඔසවා තැබීමටත් තාරුණ්‍යයට හැකියාව ඇති වනු පිණිස අපි දැනුම සහ නිපුණත්වය සංවර්ධනය කිරීමට ද බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

    අප නාගරික පරිසරය, මහජනතාවට වඩාත් ද හොඳ ජීවන තත්ත්වයක් ඇති කළ, පිරිසිදු, හරිතවත්, මහජන මිත්‍රශීලී සහ සෞඛ්‍යමත් නගර සහ නාගරික ස්ථාන බවට පරිවර්තනය කර තිබෙන අතර, ඒවා තුළින් අප ආර්ථික ප්‍රතිපත්තීන්ට අමතරව ආයෝජනයන් සඳහා භෞතිකව මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කර තිබෙනවා. ජීවන තත්ත්වය නංවාලීම තුළින් අපට ඉතා දක්ෂ වෘත්තිකයන් සහ දැනුමින් පිරිපුන් කම්කරුවන් රඳවා තබා ගත හැකි වේ.

    මේ සියල්ල, අපගේ ධනාත්මක ආර්ථික ප්‍රතිපත්ති සමඟ බැඳී, හිතකර සාර්ව ආර්ථික සාධක සහ වැදගත්  පෞද්ගලික ආයෝජන සඳහා වූ සහන, දේශීඅය මෙන්ම විදේශීය වශයෙන් ලබා ඇති ආයෝජන තුළින් ඒකපුද්ගල ආදායම වැඩිවීම හේතුවෙන්, ලබන වසර වන විට ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4,000 දක්වා වැඩිකිරීමේ ඉලක්කය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවේ. ඔබේ, මැතිවරණ වසර වන විට පසුගිය පස් වසරේ සාර්ථකත්වයේ අස්වැන්න නෙළාගත හැකි වේ.

    මෙය ඔබට කොටස්කරුවෙකු වී බෙදා හදා ගැනීමට සතුටු තත්ත්වයක් නොවේද?

    රජයේ උපායමාර්ග තුළින් ඔබව මෙම ප්‍රගතිගාමී රටාවේ හවුල්කරුවෙකු කර ඇත. ව්‍යාජ, අවිනිශ්චිත, නොදන්නා දේශපාලන චින්තනයන් වෙත නොහැරී ඉදිරියේ දී මෙම වර්ධනය දැකීමට ප්‍රධාන කාර්යභාරයක් ඔබ විසින් ඉටු කළ යුතුව ඇත.

    මාගේ දයාබර මිත්‍රවරුනි,

    මෙවැනි වේලාවක අප, අප විසින්ම ඇසිය යුතු වන්නේ අනාගත තත්ත්වය කුමක්වේද? යන්නය.

    මට මේ පිළිබඳ ව ඉතා පැහැදිලියි. අපේ ඉදිරි දැක්ම කේන්ද්‍රගත වන්නේ අප විසින් ළඟා කර ගන්නා ලද සාමය, අප යථා තත්ත්වයට පත් කර තිබෙන ස්ථාවරත්වය, අප සහතික කර ඇති ප්‍රජාතන්ත්‍රවාදය, අප විසින් ගෙන ඇති යටිතල පහසුකම් සංවර්ධනය, වැඩිදුර වර්ධනය සඳහා අත්‍යාවශ්‍ය සාර්ව ආර්ථික පරිසරයක් සහතික කිරීම තුළින් තවදුරටත් සාර්ව ආර්ථික පරිසරය සහතික කරමින් මෙතෙක් සිදු කරන ලද  යහපත් වැඩවල උපරිම ප්‍රයෝජන ලබා ගැනීමයි.

    අපි තවදුරටත්, නාගරික භූමිය නගා සිටුවා තවදුරටත් අපේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ගම්මාන සවිබල ගැන්වීම කළ යුතු වේ.

    මිත්‍රවරුනි,

    අපි නිසැකව ම යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඉදිරියට ගමන් කරනු ඇත. මා මෙය මාගේ පළමු සහ දෙවන ධූර කාලය තුළ සැලකිල්ලට ගෙන තිබුණා නම්, අප තවමත් ත්‍රස්තවාදය සමඟ සටන් කරන, අර්ධ වශයෙන් නිමකර ඇති මාර්ගවල ගමන් කරන, සමහර විට දින ගණනාවක් තිස්සේ විදුලිය කප්පාදු විඳින සහ වඩා වැදගත් වන්නේ, බිය සමඟ ජීවත් වන සහ අපගේ ආරක්ෂාව පිළිබඳ කනස්සල්ලකින් තවමත් සිටීමට ඉඩ තිබූ බව ඔබ අගය කර සැලකිල්ලට ගන්නා බව මට විශ්වාසයි. මට අවශ්‍ය වුණේ නැහැ ජාතියේ ප්‍රමුඛතා පටලවන්න. ත්‍රස්තවාදය ඉවත් කිරීම පමණක් ම නීතිය හා සාමය පවත්වාගෙන යන බව සහතික කිරීමක් නොවේද?

    මා හිතවත් මිත්‍රවරුනි,

    මගේ ඉදිරි දැක්ම ශ්‍රී ලංකාවේ දුප්පත්කම මෙන්ම ජාතියේ උන්නතියට බාධාවක් ඇති ඕනෑම දූෂණ ක්‍රියාවක් තුරන් කිරීම වේ. අප ආරම්භ කර තිබෙන සංවර්ධන වැඩසටහන් දිගටම කරගෙන යනවා පමණක් නො ව, සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා එම මුල්පිරීම් අධිවේග කරනු ඇත.

    මා හිතවත් මිත්‍රවරුනි, ප්‍රතිඵල ලබා ගැනීම, යහ පාලනය වේ. ප්‍රතිඵල ලබා නොගැනීම දුෂණය වේ.

    මේ සියල්ල ඔබව ප්‍රගතියේ වැදගත් හවුල්කරුවන් කරයි. මේ තුළින් ආර්ථික වර්ධනය සඳහා පෞද්ගලික අංශය වෙත වැඩි කාර්යභාරයක් ලබා දෙයි. මාතෘ භූමියේ ප්‍රගතිය සඳහා හවුල්වීම තුළින් අව්‍යාජ අභිමානයක් ද ඔබට ලබා දෙනු ඇත. මම ඉදිරියටත් දකින අවස්ථා මේවාය, ඒ වාගේ ම මෙවන් ප්‍රතිඵල ළඟාකර ගැනීමට ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දිය හැක. මහා ජාතියේ ඉදිරි ගමනට ද, නිසි තැන ලබා දෙමින් මම ඔබ සමඟ අනාගතයේ බෙදා හදා ගැනීමට කැමැත්ත දක්වන්නේ මේවා තමයි.

    අප එක් ව මෙම අනාගතය සාක්ෂාත් කරමු, ඔබේ දරුවන් වෙනුවෙන් හා මෙලොව එළිය දැකීමට සිටින දරුවන් වෙනුවෙන්.

    අදටත්, ඉදිරි පරපුර වෙනුවෙනුත් සාර්ථකව මෙම ඉලක්කය ඇතිව අපි ඉදිරියට ගමන් කරමු.

    ස්තූතියි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya