අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත්

    අප්‍රේල් 11, 2014

    අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව භාග 07.37ට සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි.


    පුණ්‍ය කාලය - අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව භාග 01:13 සිට (අප්‍රේල් 14 වැනි සඳුදාට එළිවන පාන්දර) අප්‍රේල් 14 වැනි සඳුදා අපරභාග 02:01 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව භාග 01.13ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් පූර්ව භාග 07:37 සිට අපර භාග 02:01 දක්‌වා පහත දැක්‌වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.


    ආහාර පිසීම - අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව භාග 10:17ට සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා, දී කිරි සහ උක්‌ හකුරු මිශ්‍ර කිරිබතක්‌ ද, කැවිලි වර්ගයක්‌ ද, පිළියෙල කර ගැනීම මැනවි.


    වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයඅප්‍රේල් 14 සඳුදා පූර්ව භාග 11.05ට සුදු වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.


    හිසතෙල් ගෑම - අප්‍රේල් 16 වැනි බදාදා පූර්වභාග 11.16ට කොළ පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණ දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොං පත්ද තබා තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි.


    රැකී රක්‍ෂා සඳහා පිටත්ව යෑම - අප්‍රේල් 17 වැනි බ්‍රහස්‌පතින්දා පූර්ව භාග 06:16ට රන්වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී තල මිශ්‍ර කිරිබත් සහ හකුරු අනුභව කර බටහිර දිශාව බලා රැකී රක්‍ෂා සඳහා පිටත්වීම මැනවි.

     

    සැ.යු. (ඉහත සියලු නැකැත් වේලාවන් පිළියෙළ කර ඇත්තේ ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි).

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya