මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉලක්ක ගත ශ්‍රී ලාංකේය විචිත්‍රත්වය.....The Beauty Of Sri Lanka ( Sri Lanka In Focus-2023 )

    අප්‍රේල් 13, 2023

    ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ඇමෙරිකාවට ගෙන යන The Beauty Of Sri Lanka ( Sri Lanka In Focus-2023 ) අන්තර්ජාතික ඡායරූප ප්‍රදර්ශනය

    විචිත්‍රත්වය ,,,,ශ්‍රී ලංකාව...සැබැවින්ම සුන්දර දිවයිනක්...ලොව අන් දිවයිනක් කොයිද?.. එවන් විචිත්‍රවත් දිවයිනක කතාන්දරය මෙවරත් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දිග හැරෙන්නේ ලොව විශිෂ්ට ඡායාරූප කලාවේදීන් රැසකගේ නිර්මාණ දායකත්වයේ අග්‍රඵලයක් ලෙසයි.

    ලොව සුවිශේෂී සුන්දරත්වයක් සහිත දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව තව තවත් ලොවට හඳුන්වාදීම මෙහි ප්‍රධාන අරමුණක්. ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ලොවට කියාපාන හා දේශීය අනන්‍යතාව ලොවට ප්‍රදර්ශනය කෙරෙන The Beauty Of Sri Lanka -2023 ඡායාරූප ප්‍රදර්ශනය සහ ප්‍රවර්ධන වැඩසටහන ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර කැලිෆොනියා විශ්වවිද්‍යාලයේ ( UCLA) අප්‍රේල් 22-23 දක්වා පැවැත්වෙන්නේ එම අවංක අරමුණ පෙරදැරිවය.මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ තෙවැනිවරටය. කොවිඩ් වසංගතය හේතුවේ අඛණ්ඩව වසරක් පාසා පැවැත්වෙන
    ප්‍රදර්ශනයට පසුගිය වසර දෙකේ දී බාධා එල්ල වුවත් ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමය විවිධ අධ්‍යාපනික වැඩසටහන් මෙන් ම සමාජ සේවා වැඩසටහන් රැසක් එම කාලය පුරා සිදු කළේ ය.

    ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමයේ සභාපති වනජීවී ඡායාරූපශිල්පී සූරිය පෙරේරා මහතාගේ අධීක්ෂණය හා මගපෙන්වීම මත එම සංගමයේ සියලු සාමාජිකයින්ගේ දායකත්වයෙන්
    සහ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි කොන්සියුලර් කාර්යාලයේ සහයෝගයෙන් මෙම The Beauty Of Sri Lanka ප්‍රදර්ශනය මෙවරත් අභිමානවත්ව පැවැත්වෙයි. ලොස් ඇන්ජලීස් නුවර පිහිටි කොන්සියලර් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් ආචාර්ය ලලිත් පී.චන්ද්‍රදාස මහතා මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිත අතර, මහාචාර්ය බ්‍රෙඩ් ෂෆර් ( Prof Brad Shaffer )(Founding Director of the UCLA La kretz Center for California Conservation Seience ) මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය. ප්‍රදර්ශනය අප්‍රේල් 22 දින එරට වේලාවෙන් පෙ.ව 10.00 ආරම්භ වෙයි.

    kindoමෙවර තවත් විශේෂත්වයක් වන්නේ,ශ්‍රී ලංකාවේ අභිමානවත් 75 වැනි නිදහස් දින සමරුවට සමගාමීව මෙම ප්‍රදර්ශනය සංවිධානය වීමයි.එමෙන් ම ලෝක මිහිතල දිනය සැමරෙන දින මෙම ප්‍රදර්ශනය ආරම්භ කිරීමට සංවිධායන කළ ඇමරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමය තීරණය කරන්නේ,මෙම මිහිතලයේ සුන්දරම දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තබමින් ය.

    මෙම ප්‍රදර්ශනයට සමගාමීව තවත් වැඩසටහනක් කීපයක් සංවිධායනය කර ඇත.මිහිකත දින සැමරුම (Earth day award Cermony) තල්මසුන් ඡායාරූපගත කිරීමේ වැඩසටහන ( whale Watching photography tour ) , යුෂුමිටි ( Yosemite ) ජාතික උද්‍යානයේ සංචාරය සහ වැඩමුළුව, දැනුම වැඩෙන අධ්‍යාපනික වැඩසටහන,ශ්‍රී ලංකාවේසංචාරක ආකර්ෂණය සාකච්ඡාවට ගැනෙන සජීවී සංවාදය (live Discussion ) , .Dilum Alagiyawanna අධ්‍යක්ෂණය කළ සම්මානය පාත්‍ර වූ වනජීවී වාර්තා චිත්‍රපටයක් වන''The Great Elephant'' ප්‍රදර්ශනයට සමගාමීව තිරගත කිරීම, ප්‍රවර්ධන කඳවුර ( American Nature Photographers),කුරුළු ඡායාරූප වැඩමුළුව (Bird Walk ) , සහ අවසානයේ පැවැත්වෙන මාධ්‍ය හමුව (Media Conference ) මෙම ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙයි.BEAUTY2

     


    The Kingdom of Ruhuna සහ Yala National Park in Sri Lanka කෘති ජනගත කෙරේ

    මීට සමගාමීව ඇමෙරිකා ශ්‍රී ලංකා හායාරූප සංගමයේ සභාපති ප්‍රවීන වනජීවී ඡායාරූප ශිල්පී සූරිය පෙරේරා මහතා විසින් රචිත The Kingdom of Ruhuna සහ Yala National Park in Sri Lanka යන කෘති ද්විත්වය දොරට වැඩීම ද සිදු කෙරේ. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සිදු කළ පර්යේෂණය ඇසුරෙන් මෙම කෘති සම්පාදනය කර තිබේ.

     

    දේශීයත්වය ලෝකයට ගෙන යෑම

    වසර 2500කට වඩා ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව පෞඪ ඉතිහාසයක් මෙන් ම සුවිශේෂී ස්වභාව සෞන්දර්යක සහිත දිවයිනකි.එකී දිවයිනේ සුන්දරත්වය මෙවර ප්‍රදර්ශනයෙන් ලොවට ප්‍රදර්ශනය කරනු ලබයි.

    දේශීය අනන්‍යතාව ලොවට ප්‍රදර්ශනය කරමින්,ලාංකික ස්වභාව සෞන්දර්ය ලොවට ගෙන යෑමේ අරමුණින් සංවිධානය කර තිබෙන මෙම ඡායාරූප ප්‍රදර්ශනය ඇමෙරිකාවේ වෙසෙන එරට වැසියන්ගේ මෙන්ම එරට සිටින ශ්‍රී ලාංකික වැසියන්ගේ ප්‍රසාදයට පත්වීම අනිවාර්යෙන් ම සිදුවන්නකි. මන්ද යත්, මෙම ඡයාරූප ප්‍රදර්ශනය සඳහා සම්බන්ධවන ඡයාරූප ශිල්පීන් එම ක්ෂේත්‍රයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් වන බැවිනි.

    ඡායාරූප කලාවෙන් ලොව දිනුවෝ... තෙවැනි ඇසක අත්දැකීම් හුවමාරුව...

    මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඡායාරූප ශිල්පීන් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට සූදානමින් සිටියි.පසුගිය වර මෙන්ම මෙවර පැවැත්වෙන ඡයාරූප ප්‍රදර්ශනය සඳහාද දෙස් විදෙස් සම්මානයෙන්,ඇගයීමට පාත්‍ර වූ සුවිශේෂී ඡායාරූප කලාවේදින් රැසක් සහභාගී වෙයි. ඇමෙරිකවේ කැලිපෝනිය විශ්වවිද්‍යාලයේ ආර්ට් ගැලරියේ දී පැවැත්වෙන මෙම සුවිශේෂී ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික ඡයාරූප ශිල්පීන් එකවර සහභාගී වන්නේ දෙවන වරටය. මෙවර ප්‍රදර්ශනය සඳහා සංචාරක ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ඡායාරූප ශිපියෙකු වන
    චිත්‍රාල් ජයතිලක( Chitral Jayatilake ), වනජීවී ඡායාරූප ක්ෂේත්‍රය නියෝජනය කරමින් ලක්ෂිත කරුණාරත්න ( Lakshitha Karunarathna,) , ප්‍රවීන ඡායාරූප ශිල්පිනියක වනහිරන්ති ද සිල්වා, Ms. Hiranthi De Silva ජාත්‍යන්තර සම්මානලාභී කේ.ජී.කීර්තිරත්න, යන ඡායාරූප කලාවේදීන් සහභාගී වෙයි.එමෙන්ම ඇමරිකාවේ වෙසෙන විශිෂ්ඨ ඡායාරූප ශිල්පීන් වන සංජය වර්ණසූරිය,ඇන්ඩි සමරසේන,ශාන්ත වීරසිංහ සහභාගී වෙයි. මොවුන් සියලු දෙනා ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වීම ද විශේෂත්වයයි.


    ඇපේ කම ඇස් මානයට…..

    මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ වනජීවී, ස්වාභාවික සෞන්දර්ය, නාගරික සංවර්ධනය,සංස්කෘතික වටිනාකම්, කලාව, ආදී සංචාරක ආකර්ෂණය ඇතිකරවන කෘති රැසක් ප්‍රදර්ශනයට එක් කර ඇත. එහි ප්‍රදර්ශනය කෙරෙන ඇතැම් කෘති මේ වනවිටත් අන්තර්ජාතික වශයෙන් සුවිශේෂී සම්මානයන්ට පාත්‍ර වූ නිර්මාණයි.

    වනජීවී ඡායාරූප ශිල්පියෙකු වන සූරිය පෙරේරා මෙහි ප්‍රධාන කාර්යභාරය ඉටු කරන සම්මානලාභී ප්‍රවීණ ඡායාරූපශිල්පියෙකි.ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ සභපති සූරිය පෙරේරා මෙම කාර්ය වෙනුවෙන් සුවිශල දායකත්වයක් ලබාදෙයි. මෙම ඡායාරූප ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලාංකීය විශිෂ්ඨ ඡායාරූප ශිල්පීන් රැසකට තම හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා වී තිබෙන බව කීය. ඔවුන් සියලු දෙනාට ම ඇමෙරිකාවට පැමිණ ඒ සඳහා දායකත්වයක් ලබාදීමට අවස්ථව සළසා දීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයේ සියලු පාර්ශවයන්ට තම ස්තූතිය පුදකරන බවද සූරිය පෙරේරා මහතා සඳහන් කළේ ය.

    dabullශ්‍රී ලංකා ප්‍රතිරූපය නැංවීම...

    ශ්‍රී ලංකාව පිළිබඳව ඇතැම් තැන වැරදි ප්‍රචාර වැරදි ප්‍රතිරූප ගොඩනැඟෙන අවධියක ශ්‍රී ලංකාවේ කීර්තිය කියාපෑමට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන් කීපදෙනෙකු මේ සඳහා දරන්නා වූ කැපවීම මෙහිදී අගය කළ යුතු වෙයි. එවන් අගය කිරීමකට ලොස් ඇන්ජලීස් නුවර පිහිටි කොන්සියුලර් කාර්යාලය අතහිත ලබාදී තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය,සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, කොළඹ ඇමෙරිකානු තනාපති කාර්යාලය මෙම ප්‍රදර්ශනය සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදෙයි.

    සාම්ප්‍රධායික නර්ථන ප්‍රසංගයක් ද මෙම වැඩසටහන සමගාමීව පැවැත්වෙන අතර ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ ප්‍රාසාංගික කලා අධ්‍යක්ෂිකා සදනී එස්.කහඳුගොඩ විසින් සම්ප්‍රධායික නර්ථන අංගයක් ඉදිරිපත් කරයි එයට බේරී වාදනයෙන් වරුණ හේමචන්ද්‍ර දායකත්වය දක්වයි. ප්‍රසන්න යමසිංහ මහතාගේ අධ්‍යක්ෂණයෙන් Thath Jith Dance School සිසු සිසුවියන් විසින් උත්සවයේ ආරාධනා නර්ථන අංගයකින් මෙම අවස්ථාව වර්ණවත් කරයි.

     

    ඇමෙරිකාවේ සිටින අපේම ජනතාවට ද අපගේ මව් රටේ සුන්දරත්වය දැකබල ගැනීමට මෙය කඳිම අවස්ථාවක් වී තිබේ. එමෙන් ම එරට සිටින දරු පරම්පරවට ශ්‍රී ලංකාවේ අසිරිය දැක බලගැනීමට මෙවඟින් අවස්ථාවක් උදා වී තිබේ. මෙවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ අලංකාරය ඇමෙරිකාවට ගෙන යැමට කටයුතු කරන සියලු පාර්ශයන්ට අපගේ ආචාරය හා ගෞරවය නිතැතින් ම හිමිවිය යුතු වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya