අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදපෙරදිග කාන්තා වහල් වෙළෙදාම හා ඇමති මනූෂ ...??

    දෙසැම්බර් 04, 2022


    රටට ඩොලර් ගෙනෙන වැඩිම පිරිස ලක්ෂ 20 ඉක්මවූ විදෙස් රැකියා ලාභීන්ය. එය වසරකට ඩො බිලි 08 ක් තරම් දැවැන්තය. එහෙත් ඔවුන්ගේ ඩොලර් වලින් රට දිව්වද සියලු ආණ්ඩු ඔවුන්ට බෙදුවේ දෙකයි පනහේ හැන්දෙනි.



    කොරෝනා කාලේ පවා ගුවන් ටිකට් හා කොරන්ටයින් වලින් ගසාකෑවේ හිටපු රජපවුලේ පස්ස ලෙවකෑ පහත් බිස්නස් මාෆියාව විසිනි. විදෙස් ශ්‍රමිකයන්ට රට තිත්තම වූයේ එහිදීය. රට බංකොලොත්වී හතරගාතෙ දමා වැටී ඇතත් ඔවුන් අද ඩොලර් එවන්නේ අඩුවෙනි.


    සියල්ල නිවැරදි කිරීම ඇමති මනුෂ ට පැවරී ඇතත් ඔහු ද එම මාෆියාවේ ගොදුරක්වී තිබේද යන සැකය කාටත් තිබේ. ඔමාන් ඔස්සේ අපේ කතුන් වහළියන් සේ වෙන්දේසි වීම ඊට නිදසුන්ය. අප මේ ගැන සොයා බැලුවෙමු. රජ පවුලේ කුමරාගේ අනුහස කරට ගත් නූගත් තානාපති නිලධාරියෙක් එහි රඟා ඇත්තේ තිරිසනෙකුටත් නොදෙවෙනිවය.


    එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය වැනි රටවල සේවකයින් ගැනීමට වීසා ලිහිල් කිරීමෙන් සංචාරක වීසා වලින් පැමිණෙන අය සේවා ස්ථාන වෙත යොමු කිරීමත් පසුව එම වීසා රැකියා වීසා බවට පත් කිරිම සිදුවේ. ඇතැම් ජාවාරම්කරුවන් සංචාරක වීසා භාවිතා කර ගෘහ සේවා සදහා බදවා ගැනීම් ද කර තිබේ. ඔවුන් අතරමංවී දුෂ්කරතාවයන්ට මුහුණදී තිබේ. එවැනි කාන්තාවන් ගෙන්වා ගැනීමේදී වගකීම ගැනීමේ ආයතනයක් හෝ අතරමැදියන් සොයා පවා තානාපති අංශ වලට දුෂ්කරවී තිබේ. අතරමැදියන් විශාල ගාස්තු අය කරමින් කාන්තාවන් බදවාගෙන තිබේ. ඇතැම් අවස්ථාවලදී එක් රටකින් තවත් රටකට දේශ සීමා හරහා ගෙන යන අවස්ථාවන් ද තිබී ඇත. පොත්ත රතු එවුන් ඉහළ මුදලට අලෙවිය හා ලිංගික සූරාකෑම් ද සිදුව තිබේ.


    ඕමාන හා එක්සත් අරාබි එමීර් රටේ සුරක්ෂා නිවාසවල පුද්ගලයින් ගැන ඉල්ලීම් තානාපති අංශ කාර්යාංශයට ඉදිරිපත් කොට තිබේ. කාර්යාංශයේ ලියාපදිංචිවී ගිය 12දෙනෙක් හා සංචාරක වීසා මගින් වෙනත් කටයුතු සදහා පිටත්ව යන බව හගවමින් ගිය තවත් 65 දෙනෙක් ලෙස 77 දෙනෙක් ඕමාන්හි සුරක්ෂා නිවාසවල සිටින බව එළිවෙයි. එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සුරක්ෂා නිවාසවල සංචාරක වීසා මගින් ගිය හත් දෙනෙක් සහ ලියාපදිංවී ගිය 70:ලෙස 77 දෙනෙක් සිටිති. මෙම නිවාසවල සංඛ්‍යාව දෙදහස දක්වා ඉහළ ගොස් තිබූ නමුත් දැන් එය අඩුකිරීමට සමත්වීම අස්වැසිල්ලකි.


    සංචාරක වීසා මත, ව්‍යාජ කරුණු පවසා පිටත්ව ගිය අය නැවත ලංකාවට ගෙන්වා ගැනීම ගැටලුකාරීය. එම වීසා කාලය ඉවත්ව ගිය දිනකට ඕමාන් රියාල් පහ බැගින් විශාල මුදලක් ගෙවීමට සිදුවේ. එක් අයෙක් ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ දහය දක්වා ගෙවීමට සිදුවන්නේ එහෙයිනි. කාන්තාවන්ට රැකියාවලදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් තීන්දු ගැනීමට කාර්යංශය ක්‍රියාකොට තිබේ. එහෙත් එය මදිය


    ඒ අනුව සංචාරක වීසා මගින් රැකියාවට යාම හා ස්වයං මාර්ගයෙන් ගෘහ සේවයට යාම ලියාපදිංචි කිරීම නතරකර තිබේ. සංචාරක වීසා මත විදේශ ගත වන කාන්තාවන් ගැන විමර්ශන වැඩි කිරීමටත්, නීතිමය පියවර ද දැඩි කොට තිබේ. සංචාරක වීසා මත කාන්තාවන් විදේශ ගත කරන අය හදුනාගෙන හා කාර්යංශ පනත අනුව කටයුතු කරමින් සිටී. මේ වන විට සිදුවීම් 190ක් ගැන අධිකරණයට වාර්තා කර පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ස්ථාන 25 ක් වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එකසිය ගණනක් සංචාරක වීසා මත රැකියාවට යැවූ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබේ.


    වත්මන් තත්වය සැලකිල්ලට ගෙන කැබිනට් අනුමැතියෙන් සුරක්ෂා නිවාසවල සිටින ලබාගත්තා රැදවියන්ගෙන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට ප්‍රකාශ ලබාගෙන, යැවූ තැරැව්කරුවන් කවුදැයි සොයාගෙන පියවර ගැනීමට කටයුතු සිදුවෙමින් පවතී.. මේ අය ලංකාවට ගෙන්වා ගැනීමට මුදල් කාර්යාංශය හරහා වැය කිරීමට අවශ්‍ය අනුමැතිය ද ලබාගෙන අවසන්ය.. ඒ ජාවරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර දැඩි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමග වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. තවද විදේශ ඇමැති සමග ද කටයුතු ඇරඹීම වටිනා තීන්දුවකි.


    නිවරදි ක්‍රමවේදයක්, පූර්ව පරීක්ෂාවකින් පසුව පමණක් විදේශ රැකියා ඒජන්සි සදහා බලපත්‍ර ලබාදීම ඇරඹී තිබේ. දැනට බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කර තිබෙන්නේ ද ඒ තුළය. සංචාරක වීසා වලින් රැකියා සදහා පිටත්ව නොයන දැනුවත් කිරීම සදහාත් කටයුත සිදුවේ.


    විදේශ සේවා කාර්යට එකසිය පනස් දෙනෙක් සේවාවන් සදහා පත් කළ යුතු වුවද තානාපති කාර්යාලවල සිටින්නේ හතලිස් දෙනෙකු පමණය. කාර්යාලවල වැඩ කටයුතු කිරීමට අපහසුවී තියෙනවා. තවත් පනහක් තාවකාලිකව යැවීමට කැබිනට් අනුමැතිය තලැබීම සුබවාදීය.


    "සංචාරක වීසා මගින් කාන්තාවන් රැකියා සදහා පිටත් කර යැවීම් ගැන කාර්යාංශය දිගටම විමර්ශන කටයුතු සිදුකරමින් සිටියා. මේවා දිගටම ක්‍රියාත්මක වුණා. මාධ්‍යවල පළවූ පසු ආරම්භ කළේ නැහැ. සංචාරක වීසා මගින් රැකියා සදහා පිටත්ව යාම නතර ළේ මාසයකට පෙරයි. කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට නියෝග ලබාගත්තේ ද මාසයකට පෙරදීය. මේ වන විට මාධ්‍යය මගින් ලබාදෙන ප්‍රචාරය ජාවාරම්කරුවන්ට විරුද්ධව කටයුතු කිරීම පහසුවී තිබෙනවා. තනිව කළ වැඩ වලට මාධ්‍යයෙන් ලැබෙන්නේ ශක්තියක්" ඇමති මනුෂ පාර්ලිමේන්තුවේදී කීවේය.


    තානාපති කාර්යාල පුද්ගලයෙක් ගැන චෝදනා තිබේ.කාට වුවද, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුය.. මේ පරීක්ෂණ ඇතැම් කුමාරවරුන්ගේ දුරකතන ඇමතුම් වලට යට නොකිරීම ඇමති ගේ වගකීමය. කාර්යාංශය ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමක් අනුව මාස දෙකකට කලින් කණ්ඩයමක් ඒ රටට ගිය අතර බොහෝ කරුණු අනාවරණය වූයේ ඒ තුළ වීම විශේෂත්වයකි. රටේ මව්වරුන් සහෝදරියන් අනාථ වූ පසුබිමක හොරාගෙ අමිමාගෙන් පේන අහන ගොංපාට් වලට ඇමති මනූෂ යාවිද නැද්ද ගැන රට අවදියෙන් බව ඔහුට මතක් කර දෙන්නෙමු.

     

    අශෝක ජයතුංග විසිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya