නොවැම්බර් 20, 2019
tami eng youtube  twitter facebook

    සොඳුරු ලොවට සහය දෙන්න - ඉඩ ඉල්ලන කාන්තාව

    මාර්තු 08, 2019

    කාන්තාව හා පිරිමින් යන දෙපාර්ශවයටම එනම් සෑම මනුෂ්‍යයෙකුට ම තම ජිවිතයේ දී තත්ත්ව ගණනාවක් හිමිවේ.පිරිමියා පුතකුගේ තත්ත්වය ලබන විට කාන්තාව දියණියගේ තත්ත්වය ලබයි. පිරිමියා ශිෂ්‍යයෙකු වන විට කාන්තාව ශිෂ්‍යාව වන්නී ය. පියා - මව, ගුරුවරයා - ගුරුවරිය, නායකයා - නායිකාව වෛද්‍යවරයා - වෛද්‍යවරිය ආදී වශයෙන් ද බෙදෙන්නේ මෙම තත්ත්වයන් ය.

    එම තත්ත්වවලට අදාල කාර්යභාර ද තිබේ. අදාල තත්ත්වය යහපත් වන්නේ තත්ත්වයට අදාල කාර්යභාර නිසි ලෙසින් ඉටුකළ හොත් පමණි. එසේ නම් සමාජය පවත්වා ගැනීමේ දීස්ත්‍රී පුරුෂ භේදය පිළිබදව විග්‍රහ කරමින් උස් පහත් ගති මතුකරනවාට වඩාවැදගත් වන්නේ දෙපාර්ශයට ම අදාල තත්ත්ව නිසිව පවත්වා ගැනීමට අවැසි පරිදි තමතමන්ගේ කාර්යභාරයන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමයි.  එහෙත් ඓතිහාසිකව කාන්තාව විවරණය කිරිමේදී ඇය විසින් සිය යුතුකම් පස ඉටුකලා ද යන්න පිළිබඳව විමසුම් ඇස හෙලුවා මිසෙක, ඇයගේ අයිතිවාසිකම් පිළිබඳව අවධානයට ලක්කර ඇත්තේ අඩුවෙන් යැයි සිතේ. ඊට අදාල සාක්ෂි ලෙස ඉතිහාසය මුලාශ්‍ර ඕනෑ තරම් පවතී. එහෙත් දැන් දැන් මතුවන සමාජ කතිකාව වන්නේ සමාජය පවත්වා ගැනීමේ දී ඊට අවැසි වන්නේ නුවණක්කාරයින් පමණක් නොව නුවණක්කාරියන්ට ද එම ඉඩ හසර සීමා රහිතව විවර විය යුතු බවයි. 

     
    සම්ප්‍රදාය මගින් සිරකර තිබූ කාන්තා චින්තනය අනවශ්‍ය සම්ප්‍රදායයන් බිදගෙන ඉදිරියට එන්නට පටන්ගෙන ඇත. එම නව වාතාවරණය ඇති වීමට සවි කැවූ ප්‍රධාන ප්‍රවේශයක් වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය නම් කළ හැකිය. වර්ෂ 1909 දී වැඩ වර්ජන ක්‍රියාදාමයකින් පෙන්වන්නට පටන්ගත් කාන්තා ශක්තිය, 1910 දී ජාත්‍යන්තර කාන්තා දිනයක ආරම්භය සටහන් කරන්නට හේතුපාද වී ඇත. මෙවර සමරන්නේ ජාත්‍යන්තර කාන්තා දිනයේ 109 වැන්නයි.  &ඣුඔට්;සුහුරු කතක් - සොඳුරු ලොවක් &ඣුඔට්; යන තේමා පාඨය ඊට යොදාගෙන ඇත. ස්ථිර සාර හෙවත් බිද නොවැටෙන සංවර්ධනයකට, එනම් ධරණීය සංවර්ධනයකට පාර සොයන ශ්‍රී ලංකාව වැනි රටකට මෙම තේමාව යොදා ගැනීම අගනේ ය. එහෙත් කාන්තාව අභිප්‍රේරණය හරහා සවිබල ගැන්විය යුත්තේ කාන්තාවවිසින්ම ද....? නැතිනම් පිරිමින්ට එහි වැඩි ඉඩක් තිබේද...? සවිබල ගැන්වීමට සිදුව ඇත්තේ ඔවුන් තුළ සංවර්ධනාත්මක මිමි උපතින්ම නොමැති නිසාද...? නැතිනම් පිරිමියා විසින් කතගේ සවිබල කෘත්‍රීම ව බිද දමා තිබේද...? ආදි පැන රැසක් අප හමුවෙහි මතුවේ.
     
    ආසියාතික රටවල් තුළ පවතින සාම්ප්‍රදායෙන් කත බැඳ තැබීම බටහිර රටවල නොමැති නිසා තමන්ට අදාල කාර්යය පිරිමින් කරනාවක් මෙන්ම සාර්ථකව සිදුකරමින් තිබේ. බටහිර රටවල සංවර්ධනය මිරිඟුවක් නොවීමට කතගේ දායකත්වය ද ඉහළින්ම ලැබී තිබේ. නැගෙනහිර ආසියාතික රටක් වන චීනය ද ඊට කදිම උදාහරණයකි. ඒ අන්තයෙන් ගත් කළ හේතුව කුමක් වුවත් කාන්තාව සවිබල ගැන්වී නැති ගැටළුව ශ්‍රී ලංකාවට තදින්ම ගැලපේ. එනයින් සවිබල ගැන්වීමේ තීන්දුව ගෙන ඒ මොහොතේ සිටම එය කළ යුතු හොඳම ක්‍රමයෙන් ක්‍රියාවට නැන්විය යුතුයි. කතට ඇති නැගිටීමේ ශක්තිය “නායර් සහ වයිට්,, යන විද්වතුන් දෙදෙනා ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ කරන ලද පර්යේෂණ හා ක්‍රියාකාරකම් මගින් යෙහෙන් පෙන්වාදී තිබේ. සවිබල ගැන්වීමේ ක්‍රියාකාරකම්වල අඛණ්ඩතාවයක් නොමැති වීම හා ඒවායෙහි දැනුවත් කිරීම හා පෙළඹවීම සංකලනාත්මක නොවීම ලක් කතගේ සංවර්ධනාත්මක පිවිසුම් නැකත උදා නොවීමට බෙහෙවින් හේතුපාද වී ඇත. ශ්‍රි ලංකාවේ තත්ත්වයට අනුව සාකච්ඡා, සම්මන්ත්‍රණ, සමිති, සමාගම්වලට සම්බන්ධවන වැඩිම පිරිස කාන්තාවන් යැයි සිතේ. 
     ගමෙහි මරණාධාර සමිතියේ වුවද තත්ත්වය එසේ ය. එහෙත් ඈ පැමිණෙන්නේ පිරිමියාගේ නියෝජිතයකු ලෙස යැයි සිතේ. 
     

    මන්ද යත් යමක් ක්‍රියාත්මක කිරිමේ දී එහි නියෝජනය බොහෝ විට පිරිමියෙකි. එවිට දැන ගැනීම හා ක්‍රියාත්මක කිරිම අතර පරස්පරයක් මතුවේ. මෙය කතට දැනී ඇති සෙයින් ශ්‍රී ලංකාව තුළ මේ වන විට කාන්තා සංගම් 11,000 කට අධික සංඛ්‍යාවක් පිහිටුවාගෙන තිබේ. කාන්තාවට ස්වාධීනව, සාර්ථක යමක් කිරිමට මෙය ධනාත්මක මතුවීමකි. නමුත් අපි එම සමිතින් හි සක්‍රීයතාව පිළිබඳව ඇස ගසාගෙන සිටිය යුතු වේ. අවශ්‍ය වන්නේ නමට සමිති නොව වැඩට සමිතිය. එනයින් එම සමිතිවල ප්‍රගතිය මතම කතට සහ කතගෙන් සමාජයට සුගතියක් අත් වේ. 
     
    කාන්තාව, කාන්තාව ගැන සොයන්නේ නැතැයි සිතේ. ඉතිහාසය තුළ කාන්තාවන් පිළිබදව බොහෝ දේ කියා ඇත්තේත් බොහෝ දේ ලියා ඇත්තේත් පිරිමින් ය. එය කතගේ චින්තනය පිරිමියා විසින් බලහත්කාරයෙන් සගවා තැබීමක් වීමට ද පිළිවන. කොහොම නමුත් කතට විශේෂ වන මෙම ලිපියේ දී කතට තිරසර වීමට පෙළඹවීමක් හැටියට, එනම් කාන්තාවගෙන් රටක සංවර්ධනයට දායකත්වය ලබාගැනීමට පෙර ඇය සංවර්ධනය වීමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කිරිමට සිත් වේ. ඇය ගැන ඇයට දැන්විය යුතුය. ඇය විසින් ඇයව හදාරන මට්ටමට
    කාන්තා පරපුර සැකසිය යුතු ය.   

    මන්දයත් එම තත්ත්වය තවමත් ලෝකය තුළ ප්‍රමාණාත්මකව ව්‍යාප්තවී නොමැති බැවිනි. අප දන්නා සෑම ආගමකම, කාන්තාව පිළිබදව විචිත්‍ර කතා, ණුවනැති කතා, අණුවන කතා , අපචිත්‍ර කතා විරල නැත. ආගමික පසුබිම පදනම් කරගෙන යුගයෙන් යුගය කත ඔසවා තැබීම හෝ පාගා දැමීම සිදුකර තිබේ. එසේ සිදුව ඇත්තේ ඒ ඒ යුගයේ සිටි මිනිසුන්ගේ සංකල්පනා මත හා ආගම දහමේ බලපෑම මත වීම යැයි කීම යුක්ති සහගත ය. 
     
    බමුණු දහම තුළ කත බිමට හෙළන්නීය. ඇය කාමසම්භෝගය සඳහාම මවන ලද තැනැත්තියකි. ඇය දකින විට සිත උමතු වේ. &ඣුඔට්;ලෝකයේ සියලුම සුන්දර වස්තූන්ගෙන් ද සියලුම විෂ ද්‍රව්‍යයන්ගෙන් ද එකට කලතා තැනූමායාව නැමැති කරඬුව ගැහැනිය යි &ඣුඔට්;  යනුවෙන් වේද සාහිත්‍ය ඇය හදුන්වා දී තිබේ. කත ඇඟිලි දෙකේ නුවණක් ඇත්තියෙකි. කොටින්ම කියත හොත් කාන්තාවක කියන එකදු වචනයක් හෝ විශ්වාස නොකළ යුතුය. (නාරි චිත්තං නවිස්වාසේත්). මේ කියමන්වලින් පෙනෙන්නේ කතක් නම් කැත නැති වතක් තිබිය යුතු බවකි. එහෙත් පිරිමියා යටතේ පසුවිය යුතුය. 
     
    එහෙත් සම්බුද්ධ දේශනාවට අනුව කාන්තාව මවක් ලෙස, බිරිදක් ලෙස, දියණියක් ලෙස මනා ගුණයක පිහිටා වර්ණනා කර ඇත. මවකගේ ආශිර්වාදයෙ හි ඇති උතුම් ගුණය මාතුපෝෂක ජාතකයෙන් මනාවට කියාපායි. මේ ලියමනේ මුලින් කී පරිදි කෙනෙකුගේ ගුණ හෝ නුගුණ පිහිටන්නේ කාන්තා හෝ පිරිමි වශයෙන් වෙන්කර නොවේ. කවුරුන් කළත් හොඳ නම් හොඳය. නරක නම් නරකය. මේ බව බුදු දහමේ වසල, පරාභව, මංගල ආදී සූත්‍ර දේශනා වලින් හේතු ප්‍රත්‍ය සහිතව හෙළිකර ඇත්තේ කාට වුවද වැටහෙන පරිදි ය. &ඣුඔට්; අඩ්ඪකාසී&ඣුඔට්; වෙසඟන පැවිදිව රහත් ඵලය දක්වා ආ ගමන් මග පිළිබඳව කතා පුවත ගැන සිතමු. එයින් තහවුරු වන්නේ කාන්තාවට ද නිසි විචාරිමක් ඇත්නම් ආත්ම සාක්ෂාත්කරණයට පිළිවෙළින් පැමිණිය හැකි බවයි. මාතුපෝෂක ජාතකය මවක ලෙස කතගේ ගුණ වනයි. චුල්ල පදුම ජාතකය කතගේ චපලත්වය විහිදුවාලයි. මේ දෙකෙන්ම ඉගෙනගත යුත්තේ පාඩම් ය. හොද හා නරක පිළිබඳ අවබෝධය යි.
     
    ශුද්ධ වූ බයිබලයෙහි හිතෝපදේශ කොටස දක්වන පරිදි විනීත වූ දේවගරුක බිය ඇති කතට පැසසුම් ලැබීම නිරන්තරයෙන් ම සිදුවේ.පහත් බව හෝ පාපී බව තීරණය වන්නේ උපත අනුව නොව ක්‍රියාව අනුව බව බයිබලයෙන් ද ඔප්පු වන්නේ එලෙසිනි. 
     
    &ඣුඔට්; විනීත වනිතාව ආත්ම ගෞරවය දිනයි. 
    එහෙත් අවිනීත ස්ත්‍රිය නින්දාවකි&ඣුඔට්;
    (ශුද්ධ වූ බයිබලය - හිතෝපදේශ)
     
    එලෙස ආගමික සංකල්ප හමුවෙහි කාන්තාව කතා බහට ලක්වී ඇතිවා මෙන්ම, සාමාන්‍ය ජිවන ව්‍යවහාරයෙහි හා සාහිත්‍යයෙහි ද කතට වැඩි තැනක් ලබා දී තිබේ. එයද ඇයගේ ගුණ හා නුගුණ කියන්නට ය. සාමාන්‍ය කතාබහ තුළ මෙන්ම සාහිත්‍ය කලාවෙහි ද කාන්තාව වර්ණනා කිරිමට අවස්තෝචිතව උපමාවට නොගත් යමක් නැති තරම් ය. ඒ තරමට ම ඇයව ඉලක්ක වී ඇති යැයි ඒවායින් ඔප්පුවේ. 
     

    ජන කවිය තුළ කාන්තාව පුදුම සහගත ලෙස ඉලක්ක වී තිබේ. ඒවාට උදාහරණ සපයතොත් මේ ලිපිය හමාර කිරිම ද අසීරුය. 
     
     අල්ලාගෙන නෙරිය අතකින් කිමදනගෝ
    වසාගෙන දෙතන අතකින් කිම දනගෝ
    හිමියෙක් නැති ගමන් තනි මග කිම්දනගෝ
    අම්බලමේ නැවතී ඉද යමුද නගෝ 
     
    &ඣුඔට්;අල්ලාගෙන නෙරිය මඩ තැවරෙනහින්දා
    වසාගෙන දෙතන බිළිදුගේ කිරිහින්දා
    බාල මස්සිනා පස්සෙන් එනහින්දා
    යන්නම් අයියන්ඩි ගම රට දුරහින්දා 
     
     ;මිණි මිණි පොදේ ගණ අදුරේ කන මදුරු
    බල්ලෙක් ඉදන් උඩු බුරලයි උගෙනපුරු
    කෙල්ලක් ඉදන් දොර නාරියි ඇගෙනපුරු
    මල්ලක් කදුරු කන්නෙමි මම දොර අරිනු ;
     
     ;අට පහ නොදන්නා තෝ කාගේකවුද
    බසක් නැතිව එන්නට කීවේ   කවුද
    ගසක් නැතිව අතු ලියලන්නේකොහිද
    මල්ලට දෙමල්ලක් කාපිය මටමොකද & 
     
    එකී කවි සතර දෙස බැලීමෙන් පිරිමියා සමඟ කතට උරෙනුර ගැටීමට තිබුණු අවස්ථාවත්, පිරිමින්ගේ තිබුණු ශික්ෂණයත් මනාව මතුව පෙනේ. එයින් එවක මානුෂීය ගුණයෙන් රැදුණු සමාජයන් වලින් සමන්විතව ගෙවුණු ජිවිත පිළිබද මනා චිත්‍රයක් සිත් හි ඇඳේ. එම කවි සංවාද තුළින් කතගේ චිත්තනමය ප්‍රමිතිය ද ඉස්මතු වන්නේ ය. මෙබඳු කවි කතා රාශියක් ජනශ්‍රැති සාහිත්‍ය තුළ ඕනෑ තරම් අපට හමුවේ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී බොහෝ විට කත ගැන කතා හා මත පිරිමින්ගේ තුඩග රැව් දෙන්නේ නිරායාසයෙනි. ගංගොඩේ නිතර කියැවුණු ගැටිස්සි, ලමිස්සී, පැටික්කි, පොඩිත්තී, ගෝමරී, ඉටිරූපේ ආදි වදන් තාමත් ගිලිහී නැත. සත්තෙන්ම කත දෙස සුන්දරතම ලීලයෙන් බැලු අවදීන් ශ්‍රී ලංකාව තුළ තිබෙන්නට ඇතිය යන විශ්වාසය ඉහත ජන කවි රටා හා කියමන් තුළින්ම විද්‍යාමාන වේ. සිය සැමි සඳට ඇඹුල රැගෙන වෙල් නියරේ සුලලිතව ඇදෙන තම සිරිමතිය දැක ගොවි සිත් තුරුණු කරන්නට ඇත. අව් රළ නස්න වන්නට ඇත. වෙහෙස පැනයන්නට ඇත. 
     
    පෙරට වඩා අද අධ්‍යාත්මය පැමිණෙන්නේ මන්දගාමීව ය. එම නිසා කතකට හෝ පිරිමියෙකුට ක්‍රමයෙන් නැගෙන චිත්ත පීඩා මිසසෙමෙන් හෝ වැඩෙන සොම්නස් වර්තමානයේ අතිශය හිඟය. ජන සාහිත්‍ය තුළ කත සුන්දරය. සිත කුල්මත් කරන්නියකි. 
     
    ජන සාහිත්‍යයෙන් ඔබ්බට ගොස් මෙරට සම්භාව්‍ය සාහිත්‍ය විමර්ශනය කිරිමේ දී ද කවි කතා තුළ කාන්තාව පිළිබඳ වාර්ණිත අවස්ථා එමට ය. එහිදි නිර්මාණකරුවාගේ අභිමතය පරිදි විටෙක අතිශයෝක්තිය ද ඉපදෙන පරිදි කත වර්ණනාකර තිබේ. එහි ඇයගේ ගුණ මෙන්ම නුගුණ ද අන්තර්ගත ය. ශෘංගාරාත්මක වාර්ණනා ද හිඟ නැත. එහෙත් පිරිමින් පිළිබඳ එබඳ අවධානයක් දී ඇති බවක් නොපෙනේ. බොහෝ කොට ලියන්නේ පිරිමින් ය. පාදක වන්නේ ගැහැනුන් ය. 
     
    පිරිමියාගේ සිතෙහි ගැහැනිය නිරන්තර වෙසෙන මුත් ඈ පිළිබඳව පිරිමින් දරණ අදහස නොසඟවා ලොවට කියන්නේ නිර්මාණකරුවන්ය. සාමාන්‍ය කතාවට සීමා ඇතත් නිර්මාණයට සීමා නොමැති වීමේ ප්‍රතිඵලයකි එය. සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ දි කවියා දුටු සුන්දර කත කෙබඳු දැයි පහත කවි දෙකෙන් මැන ගත හැකි ය. 
     
     ;සිසි වන උවන ඉඟ සුඟ ගත හැක මිටින
     නිසි පුළුලකුල රිය සක යුරු තිසර තන

     දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුර ඟන
     අසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන  (සැළලිහිණි සංදේශය)
     
     වතින් සොමි සඳ වූ
     රන් ලිය සිරින් බඳ වූ
     තෙනෙත් රත් පෙද වූ 
     දියණියන් තම ලඟට කැඳවූ ; (කාව්‍යශේඛරය)
     
    බොහෝ පාඨකයින් දන්නා කවි දෙකක්ම එක තැනෙක එලුයේ කතගේ ස්වභාව වර්ණනයට කවියා දැක්වූ උනන්දුව හා එහි අන්තර්ගතය පහසුවෙන් ම වටහාගැනීමට මඟක් වශයෙනි.
     
    බොහෝ විට මෙන්ම සම්භාව්‍ය සිංහල කවියා නිතරම කතගේ ගුණ කඳ වැනුවාට වඩා තැන ලබා දී ඇත්තේ රුව වැනීමට ය. එසේ කළ තැන් අති සාර්ථකත්වයක් ද ගෙන තිබේ. ඒ කරණ කොට නූතන සිංහල කවියා කතගේ රුවට වඩා සමාජ සත්තාව ඉස්මතු කරමින් ඇය පිළිබඳව ගුණ කඳක් කවිය තුළ නිධන් කර ඇතැයි හැඟේ.
     
     අයස ලඟදී මා ළඟ සිටි                රසවතිය
    සසිරිබර සැපත නොමදුටු සිරිමතිය
    නිරස තුල බොජුන් වැලදු රසවතිය
    කටුක වැල් යහන සැරසූ පතිවතිය ; (යමුනා මාලිනි පෙරේරා - කුලී මාළිගා 1991)
     
    එම කවි පංතියම රසවිදින කෙනෙකුට සැමියකු තම බිරිඳ මෙලොව හැරගිය පසුව ඇයගේ ගුණ කඳ මතක් කරමින් සුරා සොඬ සැමියකු නගන විලාපය සිහියට එයි. 
     
     උයා උදයෙන් නැගිට කඩයප්පන්
    තබා තේ කඩයෙහි
    ලබා ඉන් ලැබෙන සුළු වට්ටම
    ජංගි ඇන්දූ අම්මා නුඹය….  (මහගම සේකර - ප්‍රබුද්ධ 1977)
     
    යමුනා මාලිනි පෙරේරා ලියුයේ බිරිඳ ගැනය. සේකර මව ගැන ලියයි. &ඣුඔට්; ගැහැණිය  නමින් 1975 දී මුද්‍රාපිත
     මොනිකා රුවන්පතිරණ&ඣුඔට්; කිවිදියගේ පද්‍ය සංග්‍රහයෙහි  ;දියණිය ; යන කවි පංතිය ද සුවිශේෂී ය. 
     
    සමාජ සත්තාවාදීව නැගී ආ නිර්මාණකාර්ය මවක, බිරිඳක, දියණියක ආදී වශයෙන් තත්ත්ව ලද කත රැක්මට තරම් නොවන කෙවිටක් යැයි සිතේ. මන්ද යත් කවියෙන් කතාවෙන් මැඩලිය නොහැකි, තිරස්චීන ජාලයක් රහසේ සමාජය තුළ ගොඩනැඟී ඇති බැවිනි. එය බමුණු චින්තනයටත් එහා ගිය පිළිකුල් සහගත සමාජ දෘෂ්ඨියක් වෙමින් නැගෙන්නට වන අධ්‍යාත්මය ගිලිහී යන ආකල්ප දුර්වර්ණව වීමේ ගැටළුවකි. 
     
    කතක් යහපත් ලෙස විග්‍රය කෙරෙන දියණියක, මවක, බිරිඳක ආදී තත්ත්ව ගැන කතා කිරිමට වඩා අද දවසේ සුවිශේෂි වශයෙන් ගණිකාවකගේ තත්ත්වය, වෙළඳ භාණ්ඩයක තත්ත්වය ගැන මහත් අභිරුචියෙන් කතා කරනු පෙනේ. එහි එදා මෙදා තුර සමාජගතව තිබූ කිසිදු දහමක් අන්තර්ගත නැත. ඇත්තේ තිරස්චීන දහමකි. එදා සිට අද දක්වාම කාන්තාව නිසි හෝ නොනිසි ලෙස භාවිතාකර තිබේ. ගණිකා වෘත්තිය වැනි සාධකයක දක්නට ලැබෙන්නේ කතක නරක තැනකට ඇද ගැනීමක් හෝ ඇද දැමීමක් යැයි කීමට බිය විය යුතු නැත. ඇය උවමනාවේ දී
    භාවිත කරයි. පසුව ඇය ව්‍යසනකාරියක් ලෙස හංවඩු ගසයි. කතගෙන් පහස ලබන පිරිමියා පසුව ඇය ඉදිරියේ මාරාවේශ වෙයි. ඇය පිළිබඳව මැවී ඇති චිත්‍රය නම් ඉතිහාසය පුරාවටම ඇය විනාශකාරී ආයුධයක් බවයි. 
     
     ;සැබැවින්ම මානව ඉතිහාසය පුරාවටම ඇය විස්තර කර ඇත්තේ ව්‍යසනකාරී සමාජ ප්‍රපංචයක් ලෙසිනි.
    එහෙත් ඇගේ ආත්මයට ඉහඳ තැබූවේ කවුරුන්දැයි අක්මුල් විමසන්නට ඉතිහාසකරුවන් පෙළඹී
    ඇත්තේකලාතුරකිනි...  (සාපලත් ගැහැණිය - සමන් වික්‍රමාරච්චි)
     
    මේ සියල්ලෙන්ම ගම්‍ය වන්නේ මානව ඉතිහාසය පුරාවට ම කත ගැන උදම් ඇනු අයට වඩා ඇයට තම වාසිය තකා රිතී තහංචි දැමූ අය ඉඳ ඇති බවයි. 

     
    ගෝලීයකරණය හෙවත් මුලු ලෝකයම ඒකීය සමාජයක්, ඒකාකෘතිකරණයක් කරා යන ගමනේ දී කාන්තාව වාණිජමය ප්‍රබෝධකයකි. ඇයද ඊට එකඟ බව විවිධ නිරූපණයන්ගෙන් සනාථ වේ. වගකීමක් රහිත ජනමාධ්‍ය සමාජනුයෝජනය හරහා කාන්තාව අවභාවිත කිරිම තිව්‍ර වී තිබේ. කතට චින්තනයක් නැතැයි බමුණා කියූ නමුදු කාන්තාවන්ගේ මුවින් ම නැගෙන පරිදි ඔවුනට චින්තනයක් තිබේ.පිරිමින් සේ ඉදිරියට ආ හැකිය. හොඳ නරක තේරුම්ගත හැකිය. එසේ නම් මාධ්‍ය වෙළඳපොළේ ඇය විකිණෙන්නට සලස්වා ගන්නේ මන්දැයි පැනයකි. විශේෂයෙන් මසමාග්‍රහණය හෙවත් ස්වකීය අනන්‍යතා සුරක්ෂිත කරගෙන වර්තමාන ලෝක යථාර්ථය ජයගන්නට වැර වෑයම් කරන විට වඩා සමාජයේ ඉඩ පහසුවේන් ලබා ගන්නට ඇතැම් කාන්තාවන් පිරිමින්ගේ ප්‍රබෝධකයන් බවට පත්වේ. එය සිතා මතා කරන්නේ අවස්ථාව අහිමිවේය යන බියට ය. කාන්තා සමිති
    11,000 ක් ඇති මේ පුංචි රට තුළ තිර ලෙස, තද ලෙස මෙම ක්‍රියාදාම මැඩලීමට ශක්තිමත් ප්‍රවේශයක් ලබා ගැනීමට වෙර දැරියයුතුය. 
     
    අසම්මත තේමා රැගත් බොළඳ ටෙලිනාට්‍ය චිත්‍රපට ආදිය හරහා බොරු සත්‍යකට කාන්තාව සිරව සිටී. විටෙක මව ඉදිරියේ දියණිය අසරණය. තවත් විටෙක දියණිය ඉදිරියේ මව අසරණය. ටෙලිනාට්‍යක් තුළනොගැළපෙන විලාසිතා වැසි වසියි. අනියම් සබඳතා පොදි පිටිනි. මේ නිතර ඇසීම දැකීම තුළ සමාජය තුළ ඒවා සාමාන්‍ය සාධක බවට පත්වේ. 
     
    උපකාරක පංති පැමිණෙන දැරියන් ගැන වෙනම ම ලිවිය හැකිය. ඒ තරමට ම ඇය කෙටි කාලයකින් නගරයේ දී විකෘති මනසක් නිර්මාණයකර ගනී. පාසල හිස්වන අතරේ එදිනම නගරය තුළ අසම්මත දසුන් අපමණය. අම්මාවරුන්ගෙන් දියණියනට බහ තේරෙන වයසේ සිට ලබාදෙන ගුණ පිරි ගුරු හරුකම් වරුසා අද නැත. ඒවා සිහින් පොදක් සේ හෝ දියණියන්ගේ හදට වැටෙත් නම් මෙබඳු තත්ත්වයක් තුරුණු වියේදී ම ඇයට උරුම වන්නේ නැත. හිරි - ඔතප් සංකල්ප, දැනුම් සමාජයෙන් ඉවත් කරන ලද සංකල්ප සේය. සවිබල කතක් හරහා තිරසර හෙටක් නිර්මාණය කරගන්නට නම් තුරුණු වියෙහිදීම එලෙස විකෘති මනසක් නිර්මාණය වීමට ඉඩදී බලා සිටීම කාලෝචිත නැත. තමන් බොහෝ දේ කළ හැකි , ජංගමශීලී පෞරුෂයක් සහිත ,නව ලොවට වඩදායී සුහුරු කතක් බව පෙන්වමට ඉදිරියට පැමිණිය යුතු වේ.
     
    ලාංකීය කුල කාන්තාව දැන් පිරිමින්ගේ මට්ටම එන්නට දෝ මත්ද්‍රව්‍ය පානයට පෙළඹී සිටි. අප රට තුළ මෙය ඉහළ මට්ටමක නැතත්, පෙරට වඩා කාන්තාවන් මත්පැන් පානය කිරිම වර්ධනය වී ඇතැයි සමීක්ෂණ වාර්තා මගින් පෙනී යයි. 
     
    කාන්තාව තුලින් ද රටකට සංවර්ධනයක් අපේක්ෂා කිරිම රහසක් නොවේ. එහෙත් මෙබදු පරිසරයක් තිබියදී කත සවිබල ගන්වන්නට විශාල පරිශ්‍රමයක් දැරිය යුතු වෙතැයි හඟේ. එක් පසෙකින් ඇය දුර දිග නොබලන අවස්ථාවල දී පිරිමින් නිසා තැලෙයි. මාධ්‍යයේ විකිණිමට හසුවී තදින්ම විකිණෙයි. ඒ අතරතුර බාහිර උත්තේජන හමුවේ කල්පනාකාරිව නොහැසිරී තමන් විසින් තමන්ම වැනසේ. වෙසෙසින් කතට ඇති අනාරක්ෂිත බවට කතද වගකිව යුතුය.  කනට, ඇසට තැන දී ගුවන්විදුලිය,රූපවාහිනිය, සිනමාව ආදි මාධ්‍ය ක්ෂේත්‍ර තදින්ම ග්‍රහණය කරගන්නේ කතුන්ය. එක්කෝ ඒවායෙහි අන්තර්ගතය යහපත් පරිදි වෙනස් කළ යුතුය. නැතිනම් කතට එම මාධ්‍ය පරිහරණයෙන් ඉවත් වීමට අනුබල දිය යුතුය. කියවීමට ඇති ඉඩකඩ දැඩි කළ යුතුය. වර්තමානයේ පිරිමින්ට වඩා ජංගම දුරකතනයෙන් වැඩ තිබෙන්නේ කතුන්ට ය. කතට සිතන්නට ඇති ඉඩ තවත් නැසෙන්නට විශේෂ හේතුවකි එය. දුර්වලතාවය දුටු තැන කත අයුතු ලෙස පරිහරණය කරන පිරිමින් හිඟ නැති සමාජයක ඇය නිරන්තර සමාජය පිළිබඳ අවධියෙන් සිට ආරක්ෂාකාරී විය යුතුය. අනෙක් අයවිත් රකින තුරු නොව තමන් විසින්ම රැක්මේ පියවර හඳුනාග යුතුය. මේ ගෙවෙමින් පවතින්නේ මෝහිණිය පවා අත් නොහරින තරුණ සමාජයකි. 
     
     ;නුඹේ දරුවා ගන්ට කිසිවකු
    නොයෙන මූසල මණ්ඩියේ
    නුඹට දරුවකු දෙන්ට ඕනෑ
    තරම් අය ඇත හංදියේ. (මෝහිණි පද්‍ය පංතිය - රජිව වසන්ත වෙල්ගම)
     

    මෙම කවිපද කියවත්ම මුලින් දැක්වූ වර්තමාන සමාජ පසුබිම පිළිබඳ හැඩයක් මවා ගත හැකිය.සත්‍ය වශයෙන්ම වැදගත් වන්නේ කරන දෙය හෝ කරන කෙනා නොවේ. කරන දෙය යහපත් ද යන්නය. වඩාත් වැදගත් වන්නේ ඥාන සම්පතක් ලෙස, ශ්‍රම සම්පතක් ලෙස උසස් තැනෙක සිටින කත අවිනීත සමාජ කඩතුරාවලින් මුදවාලීමට අවශ්‍ය මානසික ඖෂධ ලබාදීමයි. ඉන් අනතුරුව සංවර්ධනය යන්නෙහි සැබෑ අර්ථයත්, ඒ කරා යාමේ දී කතට දැක්විය හැකිදායකත්වයත් ඒත්තු ගැන්වීම පහසු ය. 
     
    මේ රට තුළ දිරිය කතුන් හිඟය. එසේ කියා අපට කාන්තාවන් වෙනත් රටකින් ගෙන ආ නොහැක්කේ ය. එනයින් දිරියේ වායුව අප රට කතුනට දිරිය කතුන් විසින්ම පිඹිය යුතුය. එවිට ඔවුන්ගේ නිදා වැටී ඇති සවිබල පණගැන්වෙනු ඇත. එය වදනින් මෙන්ම ක්‍රියාවෙන් ද කළ හැකිය. පිරිමින්ද හැකි අයුරින් කතගේ ශක්තියට නිරාවරණයට අතදීම විනා බමුණු කුලයට නෑකම් කියමින් ක්‍රියා නොකිරීම වටී. 
     

    ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya