අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ සංචාරක සමුළුව හා ජාත්‍යන්තර බෞද්ධ සංචාරක මධ්‍යස්ථානයක් ආරම්භ කෙරේ

    සැප්තැම්බර් 28, 2018

    කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථිකවිද්‍යා හා හෝටල් කළමනාකරණ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ආදි විද්‍යාර්ථීන් සංවිධානය කරන බෞද්ධ සංචාරක සමුළුව ඔක්තෝම්බර් මස 02 වෙනි දින කුරුණෑගල රිදී විහාරයේදී පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.

    ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පැවැත්වෙන මෙම සමුළුව ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ අපටම ආවේනික වූ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමේ අරමුණින් පැවැත්වේ.

    “මධ්‍යම ප්‍රතිපදාව හා සරල දිවිපැවැත්මක් තුළින් වගකීම් සහිත ආගමික සංචාරක සංවර්ධනයක්” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙනු ඇත.

    අපේ බෞද්ධ ස්ථාන හා බෞද්ධ සංස්කෘතියට හානියක් නොවන අයුරින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙමගින් අපේක්ෂා කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථිකවිද්‍යා හා හෝටල් කළමනාකරණ පාඨමාලාවේ සම්බන්ධීකාරක ආචාර්ය සුරංග සිල්වා මහතා පවසයි.

    සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාරිය සහ කුරුණෑගල රිදී විහාරය යන ආයතනවල සහයෝගය ඇතිව මෙම සමුළුව පැවැත්වේ.

    කැම්බෝජියා සංචාරක ඇමති, ආචාර්ය ට්රොන්ග් කෝන් (Mr. Thong Khon) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා, බෞද්ධ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වනු ඇත. තවද ඉන්දියාව, බංග්ලාදේශය,ජපානය, කොරියාව, චීනය, ඉන්දුනීසියාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නේපාල, කාම්බෝජය, තායිලන්තය වැනි රටවල් රාශියක් නියෝජනය කරමින් විද්වතුන් හා විශාරදයින් රාශියක් පැමිණීමට නියමිතයි.

    මෙම සමුළුවේ ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආගම් පිළිබඳ පාර්ලිමේන්තුවේ පත් කළ සභාපති ආචාර්ය ඔඩ්රි කිටගාවා (Ms.Audrey Kitagawa) මහත්මිය විසින් පවත්වනු ඇත. ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මූලාසන සභාපති සහ එක්සත් ජාතීන්ගේ කාර්යසාධන බලකායේ භාරකරු වශයෙන් කටයුතු කරනු ලැබේ. 

    මෙහිදී සංචාරක කර්මාන්තයට ශ්‍රී ලංකාවේ බෞද්ධ සංචාරක ආකර්ශනීය ස්ථාන සම්බන්ධ කර ගනිමින් ආකර්ශනීය ගමනාන්ත පැකේජයක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. තවද සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධව වැඩ කරන ආයතනවලට තමන්ගේ නිර්මාණශීලී බෞද්ධ සංචාරක පැකේජයන් හඳුන්වා දීමට අවකාශ සලසා ඇත. ඒ හරහා කලාපයේ අනෙකුත් බෞද්ධ රටවල් සම්බන්ධ කර ගනිමින් විවිධ සංචාරක පැකේජයන් හඳුන්වා දෙමින් බෞද්ධ සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිතයි. මෙහිදි විශේෂයෙන් බෞද්ධ වන්දනා ගමන්, පෞරාණික හා පූජනීය ස්ථාන නැරඹීම, බෞද්ධ උත්සව, ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ පවතින විවිධ සංස්කෘතික උත්සව, භාවනා වැඩසටහන්, බෞද්ධ කලා කැටයම් හා ගෘහ නිර්මාණ ශිල්පය, බෞද්ධ මධ්‍යස්ථාන සහ බෞද්ධ ජීවන රටාව ආදී ආගමික සංචාර සඳහා ආකර්ශනයක් ඇති ස්ථානයක් වශයෙන්ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ආචාර්ය සුරංග සිල්වා මහතා වැඩිදුරටත් පවසයි.

    මීට සමගාමීව රිදී විහාරයේදී එදින ශ්‍රී ලංකාවේ පළමුවන ජාත්‍යන්තර බෞද්ධ සංචාරක මධ්‍යස්ථානය කුරුණෑගල රිදී විහාරයේදී විහාරාධිපති තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේගේ අනුශසනාකත්වය මත ආරම්භ කිරීමටද නියමිතයි.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.tourismleaderssummit.org/ibts වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක. එමෙන්ම This email address is being protected from spambots. You need JavaScript enabled to view it. /This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපැල් ලිපිනයන්ට යොමු කිරීමෙන් හෝ 0773131208 යන දුරකථන අංකය ඔස්සේ සම්පත් සිරිවර්ධන මහතා ඇමතිමෙන් ද මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැක. 

    දයානි මුණසිංහ
    ප්‍රවෘත්ති නිලධාරී
    ප්‍රචාරක අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya