අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැබිනට් තීරණ පුවත් - ( 2018- 09 18 දින අමාත්‍ය මණ්ඩල තීරණ)

    සැප්තැම්බර් 19, 2018

    කැබිනට් තීරණ පුවත් - ( 2018- 09 18 දින අමාත්‍ය මණ්ඩල තීරණ)

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන වසර 2020 දක්වා දීර්ඝ කෙරේ

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන වසර 2019 සහ 2020 වර්ෂය දක්වා දීර්ඝ කිරීමටත් ඒ සඳහා අවශ්‍ය අරමුදල් සළසා ගැනීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල
    අනුමැතිය හිමිව තිබේ.

    පසුගිය කාලයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම වැඩසටහන හරහා ළඟා කරගැනීමට අපේක්ෂා කරන ලද ඉලක්ක සපුරා ගැනීමට දුෂ්කර විය.

    ඒ අනුව දිවයින පුරා ඇති වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, නවීන තාක්ෂණ ක්‍රමවේද ගොවිජනතාව වෙත  ප්‍රචලිත කිරීම, කෘෂි,ධීවර හා පශු සම්පත් ක්ශේත්‍රවල නියැලි සිටින්නන් ව්‍යවසායකයින් ලෙස සවිබල ගැන්වීම හා  එම ක්ශේත්‍ර සඳහා පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීම දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ආහාර නෛශ්පාදන ක්ශේත්‍රයට අදාළ පර්යේෂණ දිරි ගැන්වීම ආදී වැඩසටහන් මීට ඇතුළත් වෙයි.

    cab1

     

     

     

     

    දේශගුණ විපර්යාසයන්හි අහිතකර බලපෑම් අවම කරගැනීම අන්තර්ජාතික විද්‍යාත්මක තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය

    දේශගුණ විපර්යාසයන්හි අහිතකර බලපෑම් අවම කරගැනීම සඳහා අවශ්‍ය අන්තර්ජාතික විද්‍යාත්මක තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබාගැනේ.

    ඒ අනුව හරිත දේශගුණික අරමුදල සහ කෘෂි වන වගා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය සමඟ  සත්කාරක රාජ්‍ය ගිවිසුමට එළඹීමත් ගෝලීය හරිත වර්ධන ආයතනයේ සාමාජිකත්වය ලබාගැනීමටත් කැමැත්ත  දක්වා යැවීම සහ එහි ආයතනික ගිවිසුම අපරානුමත කරගැනීමටත් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යවරයා  ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වී ඇත.

    cab2

     

     

     

    ශ්‍රී ලංකාවේ වැඩිහිටි සත්කාරක සේවා පහසුකම් ශක්තිමත් කෙරේ

    වැඩිහිටියන්ගේ සමාජ සුරක්ෂිතතාවය වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සඳහා පවතින ප්‍රවේශය ඉතාමත් සීමිත බව නිරීක්ෂණය වී තිබේ.

    මේ සඳහා පිළියමක් ලෙස පවුල සමඟ සිටින වැඩිහිටියන් සඳහා දිවා සුරැකුම් නිවාස, පවුලේ සාමාජිකයන්  නොමැති වැඩිහිටියන් සඳහා ස්ථීර නවාතැන් නිවාස, ආවාධ සහිත වැඩිහිටියන් රජයේ රෝහල්වල විශේෂඥ  වෛද්‍යවරුන්ගේ සුපරික්ෂණය යටතේ වාට්ටු ස්ථාපිත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමටත් වැඩිහිටි සත්කාර  සේවා සපයන්නන් 10,000 ක් පමණ පුහුණු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා සහ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය  මණ්ඩල යෝජනාව අනුමත වී ඇත.

     

    cab3

     

     

    ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ගුවන් සේවා ඇරඹීමට ගිවිසුමක්

    ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ගුවන් සේවා අතර ගුවන් සේවා ඇරඹීම පිණිස අදාළ පාර්ශවයන් විසින් ඇති කර  ගත් එකඟතාවය අනුව දෙරට අතර ද්විපාර්ශවීය ගුවන් සේවා ගිවිසුමකට එළඹීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්
    සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යොමු කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත වී ඇත.

     

    cab4

     

    මුදල් පනත් කෙටුම්පත සංශෝධනයට පියවර

     

    රජය විසින් 2016,2017 සහ 2018 වර්ෂ සඳහා ඉදිරිපත් කළ අයවැය මඟින් කරන ලද විවිධ යෝජනා ක්‍රියාත්මක  කිරීමට පහසුකම් සැලසීම සඳහා වන මුදල් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

    එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස විවිධ පාර්ශව විසින් කරන ලද ඉල්ලීම් සළකා බලා යෝජනාව ඵලදායිව  ක්‍රියාත්මක කිරීම පිණිස එම සංශෝධන මුදල් පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේ දී ඇතුළත්
    කිරීම යෝග්‍ය බව නිරීක්ෂණය කර තිබේ.

    ඒ අනුව විවිධ බදු සංශෝධනය කිරීමට සහ බදු අය කිරීම ක්‍රියාත්මක වන දිනය හා අනෙකුත් පරිපාලන විධිවිධාන  සංශෝධනය කරමින් මුදල් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම
    පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා යොමු කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වී ඇත.

     cab5

     

     

     

     

    රුපියල් මිලියන 554ක ආයෝජනයක් -මඩු ජල සම්පාදන ව්‍යාපෘතිය ඇරඹේ

     

    වසර 400කට වඩා වැඩි ඉතිහාසයක් සහිත මඩු දේවස්ථානයේ කතෝලික බැතිමතුන්ගේ ජල අවශ්‍යතාවය සඳහා  ජල සම්පාදන පද්ධතිය සඳහා ක්‍රමවත් ජල පිරිපහදු පහසුකම් සැලසීම පිණිස රුපියල් මිලියන 554ක  ආයෝජනයක් සහිතව මඩු ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන  අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය හිමිව තිබේ.

     

    cab6

     

     

    ශ්‍රී ලංකාව හා ලාඕසය අතර ද්විපාර්ශවීක උපදේශන යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක්

     

    ශ්‍රී ලංකාව හා ලාඕසය අතර ද්විපාර්ශවීක උපදේශන යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා යොමු කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වී
    ඇත.

    ශ්‍රී ලංකාව හා ලාඕසය අතර දැනට පවතින ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීම මෙන් ම කලාපීය හා  ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් සහයෝගිතාවක් ඇති කර ගැනීම සඳහ මෙම අවබෝධතා ගිවිසුමට එළඹෙයි.

     

    cab7

     

     

     

    කුඩා ව්‍යවසායකයින් සඳහා කන්කසන්තුරේ කර්මාන්ත කලාපයක් පිහිටුවීමට සැලසුම්

    කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටි ඉඩම උපයෝගී කොට කුඩා ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත කලාපයක් පිහිටුවීමට සැලසුම් කෙරේ.

    කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටා තිබූ භූමියෙන් අක්කර 330ක භූමි ප්‍රමාණය තුළ පරිසර හිතකාමී ආකාරයට කර්මාන්ත පුරයක් පිහිටුවීමටත් එහි පළමු අදියර 2019 වර්ෂය තුළ අක්කර 100ක් සංවර්ධනය
    කිරීමටත් සැලසුම් කෙරේ. ඒ සඳහා අදාළ යටිතල පහසුකම් සංවර්ධනය හා කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සුදුසු  ආයෝජකයින් තෝරා ගැනීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ
    යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

     

    cab8

     

     

    ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

     

    මේ වනවිට කිසිදු නිෂ්පාදනයක් සිදු නොකරන ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාවේ යන්ත්‍ර සූත්‍ර හා යටිතල  පහසුකම් නවීකරණය කොට නිෂ්පාදන යළි ආරම්භ කිරීමට කොරියන් ස්පා ආයතනය විසින් යෝජනාවක්
    ඉදිරිපත් කර ඇත.

    රුපියල් මිලියන 1200ක ආයෝජනයක් සහිතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා කොරියන් ස්පා ආයතනය වෙත බදු පදනම යටතේ කම්හල ලබාදීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්
    මහතා යොමු කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිව හිමිව තිබේ.

     

    cab9

     

    ........................

     

     

    නව රැකියා අවස්ථා බිහි කරන කළුතර රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීමට සැලසුම්

     

    නව රැකියා අවස්ථා බිහි කරන කළුතර රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීමට පිණිස  වූ අමාත්‍ය මණ්ඩල යෝජනාවක් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා විසින් ඉදිරිපත් කළ අතර ඒ සඳහා අනුමැතිය
    හිමිව තිබේ.

    රුපියල් මිලියන 346ක ආයෝජනයක් යොදවමින් මිල්ලනිය ප්‍රදේශයේ,හොරහේන නියුචැටල්වත්ත ඉඩමේ  අක්කර 24ක භුමී භාගයක් යොදා ගනිමින් රයිගම කර්මාත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපය පිහිටුවෙයි.

     cab10

     

     

     

     

    ගාල්ල දුම්රිය පාලම ප්‍රතිසංසකාරණය කෙරේ

    ගාල්ල- මාතර දුම්රිය මාර්ගයේ මෝඩ ඇළ හරහා ඉදි කර ඇති පටු පාලම හේතුවෙන් ගංවතුර වැස යාමට සිදු වී ඇති බාධාව හේතුවෙන් එම පාලම ඉවත් කර නව දුම්රිය පාලමක් ඉදිකිරීමේ අවශ්‍යතව හඳුනාගෙන ඇත.

     

    cab11

     

     

     

     

    ''ගොඩනැඟිලි ඇගයීම් සහ තත්ත්ව වාර්තාකරණ ක්‍රමවේදයක් හදුන්වාදීමට සැලසුම්

     

    ගොඩනැගිලි ඇගැයීම් සහ ඒවායේ තත්ත්ව වාර්තා කිරීමේ ක්‍රමවේදයක් ප්‍රවර්ධනය කිරීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින් ද දිසානායක මහතා යොමු කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව
    අනුමත වී ඇත.

    ජාතික ගොගනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ''ගොඩනැඟිලි ඇගයීම් සහ තත්ත්ව වාර්තාකරණ ක්‍රමවේදයක්  හදුන්වාදීමට සැලසුම් කොට තිබේ.

     

    cab12

     

     

    ධීවර වරාය, නැංගුරම්පොළ හා තොටුපල ඉදිකිරීම සහ සංවර්ධනය කිරීමට පියවර

    ධීවර වරාය, නැංගුරම්පොළ හා තොටුපල ඉදිකිරීම සහ සංවර්ධනය කිරීමට වසර 2018 -2020 කාලය තුළ සිදු කිරීම සඳහා පියවර ගැනේ. ඒ සඳහා අවශ්‍යය අරමුදල් හා අනෙකුත් පහසුකම් සළසා ගැනීම පිණිස ධීවර හා ජලජ
    සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා යොමු කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වී  ඇත.

    cab13


     

    ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ පරියේෂණ ඒකකය සඳහා උපකරණ සැපයීම සඳහා පලාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා යොමු කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත වී ඇත.

     

    cab14

     

    බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට යුධ හමුදාවට පහසුකම්

    බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට සහ වසර 2020 වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇත.එම කටයුතුවල නිරතවන ශ්‍රී ලංකා යුධ හමුදාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ අංශයට පහසුකම් සළසා දීම පිණිස නැවත
    පදිංචි කිරීම, පුනරුත්ථාපන,උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා  ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලබී ඇත.

     

    cab15

     

     

     

    කුරුඳු පිරිසැකසුම් ශිල්පීන් 10000කට ජාතිඅක වෘත්තීය සුදුසුකම් - උරුඳු පිරිසැකසුම් ශිල්පීන් 10000කට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ3) සහතිකය ලබදීමට වැඩපිළිවෙලක් ඇරඹේ.

     

     cab16

     

    කර්මාන්තශාලවල තත්ත්වය පිළිබඳ කර්මාන්තශාලා ආඥාපනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

     

    කර්මාන්තශාලවල තත්ත්වය පිළිබඳ කර්මාන්තශාලා ආඥාපනත යටතේ සාදන ලද නියෝග 05ක්  පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් ගැසට් පත්‍රයේ පල කිරීමටත් කම්කරු හා වෘත්තීය සමිති  සබඳතා අමාත්‍යරවින්ද්‍ර සමරවීර මහතා යොමු කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත වී ඇත.

     cab17

     

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක්

     

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතු සහ තවත් අමාත්‍යවරු 10දෙනෙකුගෙන් යුත්
    මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමටත් අනුකාරක සභාවේ යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පහසුකම්  සලසා ගැනීම සඳහා යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.

    cab18

     

     

     
    රජයේ ආයතන සතු විදුලි උත්පාදක යන්ත්‍රවල අමතර ධාරිතාව ඵලදායි ලෙස පරිහරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල යෝජනාව

     

    cab19

     

     

     

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ විද්‍යුත් ද්වාර පද්ධතියක් ක්‍රියාත්මක කෙරේ

    රුපියල් මිලියන 260ක ආයෝජනයක් සහිතව විද්‍යුත් ද්වාර 10කින් සමන්විත පද්ධතියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථාපිත කිරීම පිණිස යොමු කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත වී ඇත.

     

    cab20

     

     

    ගිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්යස්ථානයක් ස්ථාපිත කෙරේ.

     cab21

     

     

     

    යාපනය කිළිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කෙරේ

     

    cab22

     

     

    කොළඹ 02 යූනියන් පෙදෙස මුදලිගේ මාවත පිහිටි ඉඩමක් සී/ස ඇක්සස් රියල්ටීස් (පුද්) සමාගම වෙත බදු දීම  සඳහා අනුමැතිය ලබාගැනීම

     

    cab23

     

     

    රුපියල් මිලියන 2530.5ක ආයෝජනයක්- පෙර සවි ආපදා ප්‍රත්‍යස්ථ නිවාස ඉදි කිරීමට පියවර

    ආපදා අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි ජනයා සඳහා පෙර සවි ආපදා ප්‍රත්‍යස්ථ නිවාස ඉදි කිරීම සඳහා අමාත්‍ය දුමින්ද දිසානයක මහතා යොමු කළ අමාත්‍ය මණ්ඩ පත්‍රිකාව අනුමත වී ඇත.

     

     

     

    cab24

     

    කොහුවල,ගැටඹේ සහ හීරැස්සගල ගුවන් පාලම ඉදි කිරීම

     

    cab25

     

     
    දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ මාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීමට පියවර

     

     

     

    cab26

     

     උතුරු මාර්ග ව්‍යාපෘතිය යටතේ මැදවච්චිය හොරව්පතාන මාර්ගය පුනරුත්ථාපනය කිරීම හා වැඩි දියුණු  කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි

     

    cab27

     

     ශ්‍රී ලංකා පොලීසිය සඳහා නිල ඇදුම් රෙදි මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

     

     cab28

     

     

     -අල්ලස් හා දූෂණය නිවාරණය කිරීම සඳහා වැඩපිළිවෙලක් 2019- 2021 වර්ෂවල ක්‍රියාත්මක කෙරේ

     

    cab29

     

     

     

      ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

     

    cab30

     

     

     

    2019 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

     

    මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා  යොමු කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වී ඇත.

    cab31

     

     මෙගාවොට් 500ක ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීම

     

    cab32

     

     

     
    මිලේනියම් චැලේන්ජ් එකවුන්ට් ( ගරන්ටි ) ශ්‍රී ලංකා ලිමිටඩ් යමුවෙන් සමාගමක්...
    ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතන සහ ශ්‍රී ලංකා රජය අතර වන ගිවිසුම-

     

     

    cab33

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya