අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම තහනම් කිරීමට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි පළවන මාධ්‍ය වාර්තා සාවද්‍යයි

    සැප්තැම්බර් 13, 2018

    ප්‍රවෘත්ති නිවේදනය-

    උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම තහනම් කිරීමට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය තොරතුරු මත පදනම්ව සිදු කර ඇති බව පෙනී යයි.

    2018-08-30 දින උතුරු පළාත් සභාවේ පැවැති 130 වන රැස්වීමේ දී මුලතිව් ඇතුළු දිස්ත්‍රික්ක හතර තුළ සිදුවන සිංහල ජනතාව පදිංචි කිරීම සොයා බැලීමට සුදුසුකම්ලත් බුද්ධිමතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු බවට යෝජනාවක් සම්මත වී ඇත.

    තවද එසේ යෝජනා කරන කමිටුව විසින් මෙම පදිංචි කිරීම් ලේඛන ගත කොට එය උතුරු පළාතේ නිල ලේඛනයක් ලෙස පවත්වා ගත යුතු බවත් එම යෝජනාවට ඇතුළත් කොට ඇත.

    යෝජනාව සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥනම් මහතා විසින් උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරම් මහතාට දන්වා ඇති ලිපිය ඔබගේ දැනුවත් වීම සඳහා මේ සමඟ අමුණා ඇත.

     

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

     

    DG 1

     

     

     

    dg3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya