අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතුටට, සිනාවට සැරසෙන තිසාවැව

    මැයි 30, 2016
    වැව් , වැව් ගැන නොදනී. එහෙත් වැව් ගැන ශ්‍රි ලංකික ජනතාව බොහෝ දේ දනිති. එසේ ජනී ජනයා අතර කියවෙන වැව් අතර ඓතිහාසික තිසා වැව අතිශය ප්‍රසිද්ධය. මෙම සටහන ලියන්නේ, තිසා වැවේ දිය නෑම තහනම් කිරිමට ගත් තින්දුවත්,ඊට බලපෑ සාධනිය සාධකත් පිළිබදව හා ගන්නා විකල්ප ක්‍රියා මර්ග පිළිබදවත් පැහැදිලි කිරිමටය.
    තිසා වැවේ ඉතිහාසය
    ක්‍රි.පු තුන්වන සියවසේ දි දේවානම්පිය තිස්ස රජු දවස "තිස්සවාසි" හෙවත් තිසා වැව ඉදිකර තිබේ.මහා වංශයේ සදහන් වන පරිදි පුරාණ අනුරාධපුර නගරයේ ජනයාට ජලය ලබා ගැනිමට තනන ලද පොකුණක්,පණ්ඩුකාභය රජු විසින් වැවක් ලෙස තනවා ඇත.එවක එය “ජය වාපී,, ලෙසද නම් කර ඇතැයි සදහන්.එම වැව දේවානම්පියතිස්ස රඡු විසින් විශාල කර “තිස්සවාපි,, ලෙස නම් කරන ලද බව සදහන්.
     
    එය 1889 දි මධ්‍යම  වාරිමාර්ග  මණ්ඩලය මගින් ප්‍රතිසංස්කරණය කෙරිණි.එහි වත්මන් ජල ධාරිතාවය අක්කර අඩි 3500 කි.අතිතයේ සිටම තිසා වැව භාවිතා කර ඇත්තේ පානිය ජලය ලබා ගැනිමටත්,ඡය ශ්‍රි මහා බෝධින් වහන්සේට පැන් වැඩිමටත් බව අද ඡිවත් වන වැඩිහිටි පරම්පාරාවේ ජනයා පවා සදහන් කරන කරුණකි.එම කරුණු නිසාම මෙම වැවට “පුජා වැව,, යන නමද භාවිතා කර ඇත.විශේෂයේන්ම එවක රජවරු පවා තිසා වැවෙන් ස්නානය කර නැති බව සදහන් වේ.රන්මසු උයන අශ්‍රිතව රජවරුන් ස්නානය සදහා අවශ්‍ය කටයුතු සලසා ගෙන ඇත්තේ ඒ නිසාය.an2
     
    තිසා වැවේ වත්මන් භාවිතය
    පෙර රජ දවස ඉපිදි අද දක්වාම  මනරම් ලීලා පෙන්වන තිසාවැවෙහි වත්මන් භාවිතයේ විශේෂතාව වන්නේ එය පානිය ජල මුලාශ්‍රයක් ලෙස භාවිතා කිරිමයි.අනුරාධපුර නගරයේ කඩ සාප්පු,පොදු පහසුකම් සපයන ස්ථාන,රජයේ කාර්යාල,නාගරික පරිසරයේ ජිවත් වන පවුල් ආදි සැම අංශයක්ම එහි ජලය පරිභෝජනය කරයි. .නුවර වැව හා තිසා වැව මගින් දිනකට ජලය පාරිභෝජනය කරන පිරිස ලක්ෂ දෙකද ඉක්මවයි.මේ සා විශාල පිරිසකට ජලය සපයන තිසා වැව ඉතා පිරිසිදුව තබා ගැනිම නියත වශයෙන්ම කළ යුත්තකි.
     
    පානිය ජලය ලබා ගැනිම ගැන කතා කිරිමේදි අනුරාධපුරය පිළිබදව රටෙහි ජනතාව තුල ඇත්තේ හිතකර ආකල්පයක් නොවේ.බහුතරයකගේ මතයට අනුව අනුරාධපුරයෙහි බීමට සුදුසු ඡලය නැත.මේ හේතුවෙන් පානිය ජලය විකිණිමේ ව්‍යාපාර මහා ඉහලින් ක්‍රියත්මක වන නගරයක් ලෙස අනුරාධපුරය හැදින්විය හැකිය.තිසා වැව වැනි වැව් මගින් පිරිපහදු කර ලබා දෙන ජලයෙහි පිරිසුදු බව පිළිබද විශ්වාසය ද බිදවැටෙමින්  පවතී.
     
    මීට හේතුව ලෙස බොහෝ පිරිස් පෙන්වා දී තිබෙන්නේ තිසා වැවෙන් ස්නානය කරන පිරිස අති විශාල වීමත්, විවිධ අපද්‍රව්‍ය බොහෝ ලෙස එකතු වීමත්   පදනම් කර ගෙන තිසා වැවේ ජලය මිනිස් පරිභෝජනයට නුසුදුසු වන්නට පටන් ගෙන ඇති බවයි.
     
    තිසා වැව අවභාවිත‍යෙන් ඇතිව තිබෙන ගැටලු
    මිනිසුන්ගේ අදුරදර්ශී ක්‍රියා නිසා පානිය ඡල මුලාශ්‍රයක් වන තිසා වැව අද වන විට අපද්‍රව්‍ය වලින් පොහොසත්ය.බීමට නුසුදුසු තත්වය ශිඝ්‍රයෙන් උග්‍ර වෙමින් තිබේ.අනුරාධපුරය,  නිතර සංචාරකයින්ගෙන් ගහණ ප්‍ර‍දේශයකි .එලෙස පැමිණෙන  සංචාරක පිරිස් වැඩි වශයෙන් විනෝද ස්ථානයක් ලෙස මෙන්ම ස්නානයට තෝරා ගන්නේ තිසා වැව හා ඒ අශ්‍රිත ප්‍රදේශයයි.මේ නිසා තිසා වැවට පැති ගණනාවකින් අහිතකර තත්ව මතු වි තිබේ.අධික පිරිසක් ස්නානය කිරිමෙන් නිරන්තරයෙන් ඡලය අපිරිසුදු විම, සාමාන්‍යය.  වැසිකිලි හා කැසිකිලි බැහැර කිරීම් එමටය.රෙදි සේදිම ඒ හා සමාන ගැටලුවකි. අනෙක් අන්තයෙන් මත් ලෝලීන් එකතු වන තැනක් බවටත්,  පෙම් කරන්නට සදිසි ස්ථානයක් ලෙසත් තිසා වැව අවට භාවිතා කරන බව එම පරිසරය නිරික්ෂණය කරන්නේකුට මනාව හදුනා ගත හැකිය .ආහාර පානාදිය ගෙන එහි ඉතිරි වන කොටස් එහිම දමා යයි.
     
    මෙබදු ක්‍රියා කලාපයන් දිර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව සිදුවීමෙන් ,  ගලා යාමක් නොමැතිව  එක් තැනෙක පවතින වැවක ජලය අපවිත්‍ර විම සාමාන්‍යය .ඉහත සදහන් කරන ලද අප ක්‍රියාකාරකම් කරන උදවියගේ හිත් තුල වැව පිළිබද ඇති එකම අදහස නම් එය නෑමට හා විනෝද විමට ඇති තැනක්ය යන්න පමණි.  එහෙත් පෙර රජවරුන් එවක ගැන සිතා පමණක් නොව වර්තමානය ගැනද සිතා සිහි බුද්ධියෙන් කරන ලද මෙවැනි කර්මාන්ත අද මෙන්ම හෙටත් ඉතිරි කිරීම අපගේ පරම යුතුකමකි. ඒ සදහා පෙර රජවරුන් හා රට වැසියන් වෙහෙසුනා සේ අපට වෙහෙසෙන්නට අවශ්‍ය නැත.ඔවුන් වෙහෙසුනේ වැව් තැනිමටය.අපට වෙහෙසෙන්නට ඇත්තේ වැව් රැකිමට පමණි.
     
    තිසා වැව් කොමලියගේ පිරිසුදුකම රකින්නට වරින් වර ගත් ක්‍රියාමාර්ග
    තිසා වැව  පානිය ජල මුලාශ්‍රයක් නිසාම එය අපිරිසිදු විම වැලක්විම සදහා උත්සාහ කර ඇත්තේ දිග කලෙක සිටය.එහෙත් ඒ හැම අවස්ථාවකදිම ගන්නා ලද තීන්දු  ක්‍රියාත්මක කර නැත.එසේ වුවා නම් අද වන විට තිසා වැව නෑම,රෙදි සේදිම සදහා භාවිතා නොකර දිගු කාලයක් ගත වි හමාරය.තිසා වැව සුරැකීම සදහා වන ආසන්නම උනන්දූන්  කිහිපයක් හදුනා ගත හැකිය.
     
    තිසා වැවේ දිය නෑම තහනම් බව කියවෙන ලිපියක් 2011 වර්ෂයේ ජුනි 13වන දින අප පුවත් පතේම පළ කෙරිණි.තවත් පුවත් පත් කිහිපයකම මෙම කරුණ සදහන් ප්‍රවෘත්තිය පළවිය.සමිති සමාගම් හා බලපෑමේ කණ්ඩායම් හරහා ද විශාල කතිකාවක් ගොඩනන්වන ලදි.ඒ අතර දේවානම්පිය තිස්සපුර ප්‍රඡා සත්කාර හා ග්‍රාම සංවර්ධන සමිතිය,තිසාවැව සුරකිමේ සංවිධානය,හල්මිල්ලෑවේ සද්ධා තිස්ස හිමියන්,  පාගොඩ ජන්තවංශ හිමියන් පෙරටුව ගෙන ගිය මතවාදි සටන ප්‍රධාන කොට පවතී.
     
    වර්ෂ 2013 ජුනි මස 12 වන දින කළාප වාරිමාර්ග අධ්‍යක්ෂක කාර්යාලය මගින් ප්‍රාදේශිය වාරි ඉංජිනේරුවරයා වෙත යැවු ලිපියක් මගින් ද මිට පෙර තිසා වැව තුල ස්නානය තහනම් කිරිම ගැන  කරුණු ආනාවරණය වේ.
    අනෙක් අන්තයෙන් නගරයක් තුළ  පවතින ජලාශ වලට සිදු කරන අහිතකරතා පිළිබද ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද මහා නගර සභා ආඥා පනතේද සදහන් වේ.එහි පොදු ස්ථාන පිළිබදව දක්වන 135(1) වගන්තියෙහි මෙසේ දැක්වේ.
    “------නෑම නොහොත් සතුන් නෑවීම හෝ රෙදි සේදීම හෝ පොදු ස්ථාන වල ඡලය ප්‍රයෝජනයට නුසුදුසු තත්වයකට පත්කරන හෝ නාන හෝ සෝදන ස්ථාන භාවිත කරන තැනත්තන් හෝ අපහසු හෝ හිරිහැර තත්ව ඇති කරන වෙනත් සියලු ක්‍රියාවන් සභාව විසින් ප්‍රසිද්ධ දැන්විමක් මගින් තහනම් කළ හැකිය,, 
     
    එමෙන්ම එම පනතෙහි  135 (2) උප වගන්තියෙහි සදහන් වන්නේ 135(1) වගන්තිය තුල අඩංගු තහනමට පටහැනිව ක්‍රියා කරන අයට දඩ නියම වන බවයි.
     
    තිසා වැවේ දිය නෑම තහනම් කිරිමට ප්‍රතිපත්තිමය තීන්දුවක්
    දිර්ඝ කාලයක් තිස්සේ පවතින ජනතා ඉල්ලීම්  පිළිබදවත් විවිධ නිලධාරී  පාර්ශවයන් හි අදහසුත් සැලකිල්ලට ගෙන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් තිසා වැවේ දිය නෑම තහනම් කිරිමට ප්‍රතිපත්තිමය  තින්දුවක් ගත්තේය.
     
    2016.05.24 දින පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි මෙම තීන්දුව ගනිමින් දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා සදහන් කළේ,  එය තමන්ගේ තනි තීන්දුවක් නොවන බවයි.විශේෂයෙන්ම මෙම කටයුත්ත සද්භාවයෙන් කරන එකක් බවත් ,නරක විවේචන පැමිණිය හොත් ඒවා පැමිණෙන්නේ තමන් වෙත බවත්, පැමිණෙන යහපතක් ඇත්නම් ඒ සියල්ල ජනතාවට බවත් දිස්ත්‍රික් ලේකම්වරයා  කෘෂිකර්ම කමිටුවේදි සිහිපත් කළේ ය.
     
    තහනමෙන් ඡනතාවට සිදුවන පිඩාවට විකල්ප කිහිපයක්
    දිර්ග කාලිනව විෂ මිශ්‍ර  ඡලය භාවිතයෙන් සිදුවන හානිය පිළිබදව ජනතාවගේ අවදානයක් තිබුනේ නැත.නමුත් ජනතාව වෙනුවෙන් එම තත්වය තේරැම් ගෙන තිසා වැවේ දිය නෑම,රෙදි සේදිම ආදිය නැවත්විමට ප්‍රතිපත්තිමය තින්දුවක් ගෙන තිබේ.
    එහෙත් තිසා වැවෙන් නෙක ආකාරයෙන් ප්‍රයෝජන  ගත් ජනතාවක් සිටී .විශේෂයෙන්ම එම වැව අවට ගම් වාසීන් විශාල පිරිසක් මෙම ක්‍රියාව යහපත් එකක් බවට අවබෝධයෙන් පසු වේ.
     is 14
    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පි.ජී කුමාරසිරි මහතා ඓතිහාසික වශයෙන් මෙම තින්දුව ගනිමින් කියා සිටියේ තිසා වැව අවට ගම් වාසින්ට මෙන්ම පැමිණෙන වන්දනාකරුවන්ට තිසා වැව වෙනුවට විකල්ප භාවිතයන් සකස් කරන තුරු  මෙම තීන්දුව බලාත්මක නොවන බවයි.එය කඩිනමින් බලාත්මක  කරගත යුතු නිසාම , තිසා වැව වෙනුවට විකල්ප ජල මුලාශ්‍ර කිහිපයක්ම හදුන්වා දි ඇත.ඉන් පළමු වැන්න බසවක්කුලම වැව විශාල පිරිසකට ස්නානය කළ හැකි පරිදි වැඩි දියුණු  කිරිමයි. 
     
    ඉපැරණි පොකුණු තුන ප්‍රතිසංස්කරණය කර ස්නානයට සැලසිම දෙවැනි විකල්පය වේ. එපමණක් නොව තිසා වැව අසලම වැව් අසිරිය විදමින් දිය නෑමට පොදු ස්ථාන සකස් කිරිමට ද යෝජනා වී  ඇත.අනෙක් අතට අනුරාධපුරය අපමණ වැව් සංඛ්‍යාවකින් යුක්තය.එම නිසා අනුරාධපුරයට පානීය ජලය බෙදාහරින ජල මුලාශ්‍ර වන තිසා  වැව හා නුවර වැව ආදි වැව් භාවිතා නොකර ඉන් එපිටට ඇති අනෙක් වැව් භාවිතයෙන් සිය ස්නාන අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගත  හැකිය.පානිය ඡලය අපිරිසිදු කිරිම අතිමහත් පාපයකි.එම නිසා පිං කරන්නට  එන ඡනතාව පව් පුරවාගෙන ක්‍රියාවලට  එකතු වන්නේ නැත.
     
    තිසා වැව අවට ගම්වාසින් හා ගෞරවණීය ස්වාමින් වහන්සේලා සමග ඔවුන් අබියසටම ගොස් මෙම තත්වය පිළිබද පැහැදිලි කිරිමට,නිරික්ෂණය කිරිමට දිස්ත්‍රික්ලේකම්වරයා පියවර ගත්තේය. එහිදි අදහස් දැක්වු දිස්ත්‍රික්ලේකම්වරයා මෙසේ ද සදහන් කළේ ය. 
    “ මේ පහසුකම් දුන්නට පස්සේ මේකේ නාන්න නම් තහනම්.ප්‍රතිපත්තියක් වශයෙන් දැන් තින්දුවක් නම් ගත්තා.නමුත් එම තින්දුවෙන් පිඩනයට පත් වන ඡන කොටසක් ඉන්නවා.වටපිටාවේ ඉන්න අයට නාන්න තියෙන්න එපැයි.බොන්නත් වතුර නැනේ.ඒ නිසා අපි නාන තොටුපලවල් ප්‍රමාණය බසවක්කුලමේ වැඩි කරනවා.පොකුණු තුන අලුත්වැඩියා කරනවා.ඉතිං ඹයාලට පොඩි දුරක් තියෙන්නේ.ඉතිං මේ වැව මටත් වඩා ඔයගොල්ලන්ට අයිති. ඒක අපි අනාගතය වෙනුවෙන් රැකගමු.,,
     
    තහනමට ප්‍රසාදය සමග තහනම රැකීමට ඡනතා සංවිධාන සීරුවෙන් 
    තිසා වැවේ දිය නෑම විවිධ සෞඛ්‍යමය ගැටලු නිර්මාණය විමට හේතුවක් බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිමට අනුරාධපුර මාධ්‍යවේදීන් නිතර වෙහෙස වි තිබේ. තිසා වැවේ දිය නෑම හා රෙදි සේදීම ආදිය  තහනම් කිරිමේ මොහොත දක්වා අප පුවත්පත ඇතුළු බොහෝ විද්‍යුත්  හා මුද්‍රිත මාධ්‍ය සිය ප්‍රචාරණ කාර්යභාරය ජනතාවාදිව සිදුකරන ලදි .එමෙන්ම මින් ඉදිරියටද  ජනතාව විසින් ජනතාව වෙනුවෙන්ම ලබා ගත් ජයග්‍රහණය ආරක්ෂා කිරිම ද මාධ්‍යයන් හි  යුතුකම වන්නේය.
     
    එපමණක් නොව දිය නෑම තහනම් බව පෙන්නන පුවරු තිසා වැව අසල ප්‍රදර්ශනය කිරිමටද කටයුතු සැලසුම් කරයි. එළඹෙන පොසොන් සමයේ දි තිසා වැව සුරකිමේ සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක් එක්ව බැතිමතුන් වෙත අත් පත්‍රකා බෙදාහරමින් දැනුවත් කරන වැඩ පිළිවලක්ද සැලසුම් කර තිබේ.කිසිදු බලපෑමකට මෙම තහනම නතර කිරිමට ඉඩ නොදෙන බව එම සංවිධානවල  අදහස වී තිබේ.මහා සංඝරත්නයද මේ වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දැරුවා සේම ඉදිරියටද එම වගකීම දරනු  නියතයි.අටමස්ථානාපති මහා නායක හිමිපාණන්ගේ අශිර්වාදයද මීට ලැබි තිබේ.
     
    තිසාවැවෙහි ස්නානය තහනම් බව ප්‍රකාශකර දිනක් යන්නටත් මත්තෙන් ප්‍රදේශවාසින් හා තිසාවැව සුරැකිමේ සංවිධාන ඒ පිළිබදව ස්තුතිය ඵලකරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කිරිමට ද පියවර ගෙන තිබිණි. මෙයින් පෙනී යන්නේ කෙතරම් අපහසුවෙන් වුවද අනාගතය උදෙසා මෙම තීන්දුව ගැනීම ප්‍රසාදජනකව ජනතාව විසින් පිළිගන්නා බවයි. 
    සියල්ල එසේ වුවත් මෙම තහනම බලාත්මක වීමට නම් ජනතාවගේ ජල අපහසුතාව දුරලීමට කඩිනමින් කටයුතු කළ යුතු බව නැවතත් සිහිපත් කළ යුතුය.විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය,වාරිමාර්ග දෙපාර්තමෙන්තුව,ජල සම්පාදන මණ්ඩලය මෙන්ම මහ නගර සභාවද මනා සම්බන්දතාවකින් කටයුතු කරමින් ඉහත සදහන් කරන ලද විකල්ප ක්‍රියාමාර්ග සක්‍රීය කිරීමට වග බලා ගත යුතුය.
     
    සටහන හා ඡායාරූප 
    ෂෙල්ටන් ඉන්දික  බණ්ඩාර
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya