ලෝකයට ඔරොත්තු නොදෙන නොනිසි ක්‍රියාදාම බොහෝ තැන්හි ක්‍රියාත්මක වීම වර්තමානයේ සුලබ තත්ත්වයකි. ඒ මුල්‍ය සාධකය ශක්තිමත් කරගැනිම සදහා ය. එහෙත් රට රට ස්වභාව හොදින් හදුනාගෙන ක්‍රියා කිරිමෙන් එම රටට සමාජයට උචිත බුද්ධිමය වු සංවර්ධනාත්මක අන්තයට පිවිසිය හැකියි.
පෘථිවි තලයේ අනගි සම්පතක් වන ශ්‍රී ලංකාව තුල ශීඝ්‍රයෙන් පහසුවෙන් සංවර්ධනය කළ හැකි ක්ෂේත්‍රය කෘෂීකර්මාන්තය යි. එම ශක්‍යතාවයේ හරි මැද හෝ අපි තවම ජයගෙන නැත. එයට හරස් කපන ප්‍රධාන බාධකය නම් ප්‍රමාණවත් තරම් ජල මුලාශ්‍ර නොමැති කම බව නොරහසකි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ස්වභාවික පිහිටීමේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් සුවිශාල ජල ව්‍යාපෘති රැසක්ම මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. මහවැලි ව්‍යාපාරය එයින් සුවිශේෂි ය. එම මහවැලි සංවර්ධන මහා සැලැස්මට අයත්ව තිබු , එහෙත් ක්‍රියාවෙන් මග හැරුණු තවත් විශේෂ ව්‍යාපෘති දෙකක් සිරිලක කෘෂිකර්මාන්තය නැංවිමටත් , තවත් බොහෝ පහසුතා සැපයිමටත් සැරසෙමින් සිටී. ඒ නම් මොරගහ කන්ද හා කළු ගග ව්‍යාපෘතීන් ය.
මෙම ව්‍යාපෘති මගින් කෘෂිකර්මාන්තය නිසිව පවත්වා ගැනිමට අවැසි ප්‍රමාණාත්මක ජල පහසුවක් නොමැති උතුර , උතුරු මැද හා නැගෙනහිර යන පළාත් වලට ඉහළ සහනයක් සැලසෙනු ඇති. මේ නිසාම මොරගහ කන්ද හා කළු ගග ව්‍යපෘති හි ඉදිකිරිම් ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව දැන හදුනාගැනිමේ උනන්දුව කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් තුල තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිපාලන නිලධාරින් , කෘෂීකර්ම නිලධාරින් මෙන්ම දිස්ත්‍රික් කෘෂීකර්ම කමිටුව නියෝජනය කරන ගොවි නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම ව්‍යාපෘති සියැසින් දැකබලා ගැනිමට එහි සංචාරය කලේ , කෙමෙන් වැඩුණු ඒ උනන්දුව මතයි.
අනුරාධපුරයෙන් හිමිදිරියේ පිටත් වු අප පැය දෙකක පමණ කාලයක් නිමවා මාතලේ දිස්ත්‍රික් සීමාවට ප්‍රවිෂ්ඨවත්ම එකී ප්‍රවේශය පැය දෙකකින් පැමිණි තවත් උදෑසනක් යැයි සිතෙන තරමේ සිසිලසකින් ගත සනසන්නට විය. ඈතින් දිස් වී සුමට ශ්‍රියා මැවෙන හුන්නස්ගිරි කදු පංතිය ද සිහිල් සිත් සැනසුමේ ඉහලට ම ගමන් කරවන්නට පටන් ගත්තේය. මේ සෞම්‍ය වු වෙනස් කම් සියල්ලට ම අපි මුහුණ දෙන්නේ, දඹුල්ල සිට කණ්ඩලම මාර්ගයේ ගොස් බකමුණ, ඇලහැර ප්‍රදේශයට පිවිසි පසුවයි.
ගිය සැනින් ගොවි නියෝජිතයින්ට අසන්නට ලැබුණු ව්‍යාපෘති ක්‍රියාකාරිත්වය පිළිබදව දේශනය අතර තුර ගොවින්ගෙන් නැගුණු පැන රැස සමග මේ ගැන ඔවුනට ඇති උනන්දුව මැනගත හැකි විය. වයස් ගත ගොවීන් පවා තුරුණු තේජස් මැවු සෙයකි. උද්යෝගයෙන් මුහුණු පිරුණි. ව්‍යපෘති අධ්‍යක්ෂ ආර්.බී.තෙන්නකෝන් මහතා පියෙන් පිය ව්‍යාපෘතිය පිළිබදව පැහැදිලි කළේය. පළමු නිරීක්ෂණය මොරගහ කන්ද ව්‍යපෘතියයි. එය ප්‍රධාන වේල්ලට අමතරව උප වේලි දෙකකින් සමන්විත විසල් ජලාශයකි. ජලාශය සැකසු පසුව එහි ජල ධාරිතාව ඝන මිටර් මිලියන 570 ක් විමෙන් ම එය සුපැහැදිලිය. ජලාශයේ ඉදිකිරිම් අවසන් කර ජලය පිරවීමේ කටයුතු මේ වසර අවසානයේ දි සිදුකිරීම ව්‍යාපෘති භාරකරුවන්ගේ අපේක්ෂාවයි.
කළු ගග ව්‍යපෘතිය ද ප්‍රධාන වේල්ලට අමතරව තවත් උප වේල්ලකින් සමන්විත වේ. මෙහි රැදවීමට බලාපොරොත්තු වන ජල ධාරිතාව ඝන මිටර් මිලියන 248 කි.මෙම ජල ධාරිතා තත්ත්වය ඔබට නොවැටහෙන්නේ නම් , එය දැනවිමට පහසුම ක්‍රමයක් තිබේ. මොරගහ කන්ද හා කළු ගග ජලාශයන් හි රදවන ජල ධාරිතාවන් එක්ව ගත් විට එය කලා වැවේ ජල ධාරිතාව මෙන් හය ගුණයක් වනු ඇත.අදාල ජලාශ දෙක සම්බන්ධ ඇල මාර්ග හා උමං මාර්ග ද සැකසෙමින් පවතී, කළු ගග ව්‍යාපෘතියේ දි ගල විද සකසා ඉදිකර ඇති උමගයේ සැකසුම් විශ්මිතය.
ව්‍යාපෘතියේ මුලික ඉංජිනේරුමය කාර්යයන් අවසන් වු පසුව පළමු අදියරේ දී අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, හා මාතලේ දිස්ත්‍රික්කවල හෙක්ටයාර 82,000 ක භුමි ප්‍රමාණයක් වසරේ කන්න දෙකෙහිම අස්වැද්දිය හැකි අතර හෙක්ටයාර 5,000 ක නව කෘෂි භුමි ද සංවර්ධනය කරයි.
දෙවන අදියරේදි ඉදිකිරිමට යෝජිත උතුරු මැද ඇල මාර්ගයෙන් උතුර හා උතුරු මැද පිහිටි ගංගා ද්‍රෝණි අටක හෙක්ටයාර 1,35,189 ක් සදහා ජලය සැපයීම සහතික කරනු ඇති. එම ගංගා ද්‍රෝණි හි සේවා ජලාශ ද අටක් ඉදිකිරිමට යෝජිතයි. වයඹ පළාත් ඇළ මාර්ගය ඉදිකිරිමෙන් තවත් හෙක්ටයාර 12,141 කට ජලය සැපයිමේ ඉඩ කඩ පවතී. වර්ෂ 2022 වන විට උතුරේ ඉරණමඩු ජලාශය වෙත ද ජලය ගෙන යාම බලාපොරොත්තුවයි.
සමාන්තරව ඉදිකිරිම් සිදුකෙරෙන මොරගහ කන්ද හා කළුගග ව්‍යපෘතින් හි මුලික ඉදිකිරීම් දේශිය අරමුදල් මගින් සිදුකර ඇති අතර ඉතිරි ඉදිකිරිම් සදහා චීන සංවර්ධන බැංකුව, කුවේට් සංවර්ධන බැංකුව, සවුදි සංවර්ධන බැංකුව හා ඔපෙක් ජාත්‍යන්තර අරමුදල මුල්‍යාධාර සපයා තිබේ. ඉදිකිරිම් සිදුකෙරෙන්නේ චීන සමාගමක් මගිනි.
කෘෂිකර්මාන්තයේ වගා ප්‍රවර්ධනය 100% සිට 154% දක්වා ඉහළ නැංවීමට මෙම ව්‍යාපෘතින් දායකත්වය දක්වයි. මීට අමතරව මෙම ජලාශ මගින් වාර්ෂිකව බලාපොරොත්තුවන මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ටොන් 4,700 කි. මෙගා වොට් 25 ක ජල විදුලි උත්පාදනයක් ද සිදුකල හැකිය. මීට අමතරව මොරගහ කන්ද ජලාශ ප්‍රදේශයෙහි හෙක්ටයාර 1,365 ක නැවත වගා කිරිමක් සිදුවේ. ආක්‍රමණශිලී පැළෑටි ඉවත් කර අලුතින් තෘණ හා ශාක වගා කෙරේ.
මොරගහ කන්ද හා කළු ගඟ ව්‍යාපෘති හේතුවෙන් එම ප්‍රදේශයේ ජිවත් වු පවුල් 3,000 ක් ඉන් ඉවත් කර වෙනම පදිංචි කිරිම සාර්ථකව සැලසුම් කර ඇත. ඒ සදහා පරිපාලන නගර, ග්‍රාමිය මං මාවත් , වාරි පද්ධති ආදිය ද ඉදිවෙමින් පවතින බව අපිට දැකගන්නට ලැබුණි.
කෘෂිකර්මාන්තය ජීවනාලිය කරගත් බහුතර පිරිසක් ජිවත්වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිපාලනය මගින්, දිස්ත්‍රික්කයේ ගොවි නියෝජිතයින්, මෙබදු සංචාරයකට එක් කිරිම ගොවි සිත් අලුතින් පණ ගන්වන්නට සමත් කරවු ආකාරයේ උසස් තීන්දුවකි.
රටට කෘෂි සංවර්ධනයක් මෙන්ම නවමු සොබා සිරියක් ද මෙම ජලාශ දෙකෙන් මතුවන තුරු මෙතෙක් ඉවසු සේ අපි තවත් බිදක් ඉවසමු.
ෂෙල්ටන් බණ්ඩාර
අනුරාධපුරය