අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 අති බහුතරයක‍‍ගෙන් සම්මත වීම ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ ජයග්‍රහණයකි

    අප්‍රේල් 29, 2015

    19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අති බහුතරයක‍‍ගෙන් සම්මත වීම සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ ජයග්‍රහණයක් බව රජය අවධාරණය කර සිටියි.

    1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තුනෙන් දෙකේ බලයක් සහිතව ස්ථාපිත කරන ලද විධායක ජනාධිපති ධුරයට හිමි අනෙකුත් බලතල අහෝසි කරන බවට මෙතෙක් බලයට පත් වූ සෑම රජයක් ම පොරොන්දු වූ කරුණකි.

     

    විධායක ජනාධිපති ධුරය ක්‍රියාත්මක කර වසර 37ක් ඉක්ම ගොස් තිබුණ ද බලයට පත් වූ කිසිදු රජයක් හෝ නායකයෙක් විධායක ජනාධිපති ක්‍රමය හෝ එම තනතුරට හිමි ඇතැම් බලතල හෝ සංශෝධනය කිරීමට පෙළඹුනේ නැත.

     

    ඒ වෙනුවට සිදුවූයේ 18 වන සංශෝධනය ඉදිරිපත් කරමින් තවත් විධායක බලතල වැඩිකර ගනිමින් සදාකාලිකවම විධායක ජනාධිපති ධුරයේ රැඳී සිටීමට කටයුතු කිරීමයි.

     

    2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විධායක ජනාධිපති ධුරයේ බලතල සංශෝධනය කරන බව ප්‍රකාශ කළේය.

     

    එතුමාගේ එම ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින්19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සඳුදා (27) සහ ඊයේ (28) දිනයන්හිදී උත්තරීතර පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි.

     

    ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත්වී සිව්මසක් ඇතුලත  ජනතාවට දුන් පොරොන්දුව  ඒ අයුරින්ම ඉටු කරමින් වසර 37 කට පසු මෙතෙක් මේ රට පීඩාවට පත් කළ විධායක ජනාධිපති ධුරයේ බලතල  අඩුකර ගැනීමට කටයුතු කර ඇත.

     

    නිදහස් ශ්‍රී ලංකාවේ අසීමිත බලතල සහිතව ජනතාව තමන්ට පිරිනැමූ බලගතු විධායක ජනාධිපති ධූරයේ බලතල අත් හැරීමට ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වූ එකම නායකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉතිහාස ගත වනු ඇත.

     

    මෙහි වසර‍ 37 කට පසු යළිත් වරක් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නිදහස කැමති ජනතාව ලද ජයග්‍රහණයක් ලෙසින් මෙම අවස්ථාව හැඳින්විය හැකිය.

     

    විධායක ජනාධිපති ධුරය ක්‍රියාත්මක වන ලෝකයේ බොහෝ රටවල් මෙම තනතුරේ අසීමාන්තික බලය නිසා දිළිඳු භාවයට පැමිණ ඇත. එහෙත් අසීමිත විධායක බලතල වලින් තොරව ජනාධිපති ධූරය ක්‍රියාත්මක වන රටවල් වර්තමානයේ සංවර්ධිත රටවල් බවට පත්ව තිබේ.

     

    ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ අප රටද සැබෑ නිදහස් රාජ්‍යයක් ලෙස සංවර්ධනය වනු නොඅනුමානය. සිය කැමැත්තෙන් ඒකාධිපති විධායක බලතල අත්හැරීම එම ගමනේ ඓතිහාසීක ආරම්භයක් සටහන් කරනු ඇත.

     

    සටහන : වසන්තප්‍රිය රාමනායක
               අධ්‍යක්ෂ (මාධ්‍ය)
               රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya