අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ද්‍රව ඉංජිනේරු විද්‍යාව : ජලයෙන් නිවාස ගොඩනඟන මිනිසා

    අප්‍රේල් 22, 2015

    ද්‍රව ඉංජිනේරු විද්‍යාව යන සංකල්පය විදහා දක්වමින් යුරෝපා සංගමයේ ආධාර ලබාගනිමින් හංගේරියානු ගෘහ නිර්මාණ ශිල්පියකු වන මාටියස් ගුතායි විසින් තම මුල් නගරය වන බුඩාපේස්ට්හි දකුණින් පිහිටි කෙෂ්කෙමෙට්හි නිවසක් ඉදි කර ඇත. මේ සංකල්පය මඟින් උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ගොඩනැඟිලි නිර්මාණයේ දී ජලය යොදාගනී.

    මෙහි දී ගොඩනැඟිල්ලේ බිත්ති අතුරෙහි ජලය රඳවන අතර එ මඟින් ස්වාභාවික ලෙස උෂ්ණත්වය පාලනය කෙරෙයි. නිවස සිසිල් වන විට පදනමෙහි බාහිර තැන්පත් ව ඇති උෂ්ණත්වය මඟින් උෂ්ණත්වය වැඩි කොට පාලනය කරයි. එ බැවින් ඉන් බලශක්තිය ඉතිරි කෙරෙන අතර එය ඉතා පිරිසුදු හා තිරසාර විසඳුමක් වෙයි.

    ගුතායි හට මේ සංකල්පය පිළිබඳ මුල් ම අදහස පහළ වූයේ 2003 වසරේ ටෝකියෝ විශ්වවිද්‍යාලයයෙහි ධරණීය ගෘහනිර්මාණ ශිල්පය හදාරමින් සිටින අතර විවෘත අවකාශ උණුසුම් ස්නානයක් සඳහා ගිය අවස්ථාවෙක යි. එහි දී තටාකයෙන් එ පිට හිම පතනය තිබිය දීත් තමන් ඉතා පහසු ලෙස උණුසුමින් සිටිනු දැනීමෙන් ජලයෙහි මතුපිට උෂ්ණත්වයෙහි වැදගත්කම හා එය ගෘහනිර්මාණ ශිල්පය පිණිස භාවිත කිරීමේ හැකියාව ගුතායි හට අවබෝධ විය.

    මෙහි දී අධික ශිතල කාලගුණික තත්ත්වයක් යටතේ ජලය මිදීම හෝ ජලය රඳවාගන්නා වීදුරු තහඩු බිඳීයාම හෝ සිදු වීම ගැටලුකාරී බව අවබෝධ කරගත් ගුතායි එයට පිළියම් වශයෙන් ජලය මිදීම වැළැක්වීමේ ක්‍රමවේදයක් මෙන් ම වීදුරුවක් බිඳිගිය විට වහාම අනෙක් වීදුරුවක් මඟින් ජලය ගලායාම අවම කිරීම පිණිස එය වසාදැමීමේ ස්වාභාවික ක්‍රමවේදයක් මෙයට එක් කර ඇත.

    අප ගේ අරමුණ විය යුත්තේ හැකි පමණ අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා අඩු බලශක්තියක් යොදාගැනීම හා අප ගේ නගර ජාලගත බවින් ඈත් කිරීම වේ යැ යි දැනට තායිවානයේ ෆෙන්ග් චියා විශ්වවිද්‍යාලයයෙහි පර්යේෂකයකු වශයෙන් කටයුතු කරන ගුතායි අනාගත සැලැසුම් පිළිබඳ අදහස් දක්වමින් පැවැසී ය. මෙය අප ගේ සාම්ප්‍රදායික ශිල්පක්‍රමවලට වඩා වැඩි වියදමක් සහිත වන නමුත් මෙය අප ගේ බලශක්ති අවශ්‍යතා අවම කිරීම අරමුණු කරන බැවින් ගුතායි වඩාත් හරිත අනාගතයක් සඳහා ජලය ගොඩනැඟිලි අමුද්‍රව්‍යය බවට පත් කිරීම සඳහා යුරෝපය පුරා කර්මාන්ත ශාලා හා සමාගම් සමඟ කටයුතු කරයි.

    මූලාශ්‍රය - CNN

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya