මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව අන්ධකරන අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු

    මාර්තු 11, 2015

    ‘’අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු'' යන්න මෙවර ලෝක ග්ලුකෝමා සතියේ තේමාවයි. ලෝක ග්ලුකෝමා සතිය මාර්තු මස 8 දින සිට 14 දින දක්වා නම් කර තිබේ.ලෝකයේ බොහෝ පුද්ගලයන් ප්‍රධාන අක්ෂි ආබාධයක් ලෙස ග්ලුකෝමා රෝගයට ගොඳුරු වෙමින් සිටියි. මෙවර ලිපිය සැකසෙන්නේ ලෝක ග්ලුකෝමා සතිය නිමිත්තෙනි.

     

    ලෝකයේ බොහොමයක් ජනතාව තමන්ට තිබෙන සහ ඉදිරියේ තමන්ට ඇතිවීමට තිබෙන අක්ෂි රෝග පිළිබඳව නොදැනුවත්කම හා නොසැලිකිල්ල නිසා  අන්ධභාවයට පත්ව සිටිති.

     fhnjfhm

    ජීවිතයකට පෙනීම යනු සමස්ත පුද්ගලයාගේ එදිනෙදා ක්‍රියාවන්ට බලපාන්නකි. අන්ධභාවය, ජිවියෙකුට විඳින්නට සිදුවන අමිහිරිම අද්දැකීම බව අමුතුවෙන් කිව යුතු නොවේ.

     

    ලෝකයේ දෑස් අන්ධභාවයට බලපාන ප්‍රධාන හේතුකාරක රෝග අතරින් පුද්ගලයාට නොදැනීම අන්ධභාවය ගෙන එන රෝගය වන්නේ ග්ලුකෝමා රෝගයයි. සෞඛ්‍ය වාර්තා අනුව ග්ලුකෝමා රෝගය  අන්ධභාවයට පත්වීමේ රෝග අතර පෙරමුණේ තිබෙන රෝගයකි. වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු යුගයක ග්ලුකෝමා රෝගය සම්පූර්ණයෙන් සුව කිරීමට ක්‍රමයක් සොයාගෙන නොමැත. එහෙත් අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ, රෝගය ප්‍රතිකාර ලබාගැනීමෙන් පාලනය කරගත හැකි බවය.

     

    ග්ලුකෝමා රෝගයේ දී ඇසේ දෘෂ්ටික ස්නායුව ආබාධයට ලක්වෙයි. ක්‍රමයෙන් දෘෂ්ටික ස්නායු තන්තු මියයයි. මෙහිදී සැළකිය යුතු කරුණ වන්නේ ඇසේ පීඩනයයි (Intra Ocular Pressure). එය ග්ලුකෝමා රෝගය සමඟ සෘජුව බැදී පවතියි. වෛද්‍යවරු පෙන්වා දෙන්නේ සිරුරේ රුධිර පීඩනය සහ ඇසේ පීඩනය එකක් නොවන බවය.Glaucoma-Eye

     

    ඇසේ පීඩනය හේතුවෙන් දෘෂ්ටික ස්නායුවට හානි සිදුවන අතර එම හානිය ස්ථීර වශයෙන් ම යථා තත්ත්වයට පත්කළ නොහැකි බව වෛද්‍යවරු පවසති. මෙහිදී වෛද්‍යවරු පවසන වැදගත්ම කරුණ වන්නේ, නිසි ලෙස අක්ෂි පරික්ෂාවක් නොකර, ප්‍රතිකාර නොකර සිටීමෙන් ඉතාම කෙටි කලකින් ම ඇස සම්පූර්ණ අන්ධභාවයට පත්වන බවය.

     

    ග්ලුකෝමා රෝගය වැළදුන බව රෝගීයට පෙර සිට අවබෝධයක් ඇති වන්නේ නැත. පෙනීමේ ගැටළුවක් ඇතිවන්නේ ද නැත. කිසිඳු රෝග ලක්ෂණයක් ද නැත. මෙම රෝගයේ බරපතල තත්ත්වය එයයි.

     

    වයස අවුරුදු 40න් පසු වීම, පරම්පරාවේ ග්ලුකෝමා රෝගය තිබීම, දියවැඩියා රෝගීන් වීම, දැඩි අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙලෙන අය වීම, දරුණු ආසාදිත ඇස් රෝගවලින් පෙලෙන අය වීම, ඇසට මොට ආයුධයකින් පහර වැදී තිබීම, රසායනික අනතුරුවලට ලක්වීම, දිගින් දිගටම ස්ට්‍රොයිට් වර්ගයේ ඖෂධ භාවිත කිරීම යන හේතු ග්ලුකෝමා රෝගය අති වීමේ අවදානම් කලාපයි.

     

    dad1ග්ලුකෝමා රෝගය වැළඳුන රෝගියකුට ප්‍රතිකාර මට්ටමින් පාලනය කරගත හැකිය. ඇසට බෙහෙත් බිංදු දැමීම, ලෙසර් කිරණ ශල්‍ය කර්ම, ඉතා සියුම් ශල්‍ය කර්ම ඒවා වෙයි.

     

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලෝකයේ පුද්ගලයන් මිලියන 39ක් පූර්ණ අන්ධභාවයට පත්ව සිටිති. මිලියන 246ක් විවිධ දෘෂ්‍යාබාධවලට ලක්ව සිටිති. සියයට 63%ක් මන්ද දෘෂ්ටිකත්වයට පත්ව සිටිති.

     

    ලෝකයේ පුද්ගලයන්ගේ අන්ධභාවයට තුඩු දෙන ප්‍රධාන වයස් සීමාව අවුරුදු 50ට වැඩි පිරිසයි. වයස අවුරුදු 40ට වඩා වැඩි පුද්ගලයන්ට ග්ලුකෝමා පරික්ෂාව කරගත යුතු බව වෛද්‍ය මතයයි.

     

    ග්ලුකෝමා රෝගය පාලනය කළ හැකි රෝගයක් වන අතර අන්ධභාවයට තුඩු දෙන දෙවන ප්‍රධාන හේතුවයි. අන්ධභාවය ඇතිවීමට බහුලව බලපාන්නේ ඇසේ සුද ඇති වීමයි. මේ වනවිට ග්ලුකෝමා රෝගය හේතුවෙන් ලෝකයේ පුද්ගලයන් මිලියන 4.5ක් අන්ධභාවයට ගොඳුරුව සිටින අතර වසර 2020 වනවිට එය මිලියන 8ක් දක්වා ඉහළ අගයක් ගනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි.

     

    මෙය ලෝකයක් ලෙස ගත් කළ බරපතල තත්ත්වයකි. මේ ත්ත්ත්වය රටක සංවර්ධනයට සෘජුව බලපාන්නකි. සෞඛ්‍ය වාර්තා අනුව ශ්‍රී ලංකාවේ අන්ධභාවයෙන් සියයට 12%ක් ග්ලුකෝමාව නිසා ඇති වී තිබේ. එමෙන් ම තවත් සිව්ගුණයක් ග්ලුකෝමාව නිසා මන්ද දෘෂ්ටිකත්වයට පත්ව සිටිති.

     

    දැනට ශ්‍රී ලංකාව පුරා සෑම දිස්ත්‍රික්කයකම ග්ලුකෝමා රෝගය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් සෞඛ්‍ය ක්ෂේ16cb health 15marcb 953149gත්‍රය මගින් සිදු කරමින් පවතියි. එය ග්ලුකෝමා තර්ජනයට ලක්වූවන්ට කිසියම් සැනසිල්ලකි. මෙවර ග්ලුකෝමා සතිය වෙනුවෙන් දිවයින පුරා රෝහල්වල අක්ෂි ඒකක 51ක් මඟින් නොමිලේ ග්ලුකෝමා අක්ෂි පරික්ෂාව කරගැනීමේ අවස්ථාව උදා කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

     

    ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 2014 සිට 2019 දක්වා  වූ ජාත්‍යන්තර ක්‍රියාදාමය මගින් දැනට අන්ධභාවය හා මන්ද දෘෂ්ටිකත්වයෙන් සියයට 25%ක් තුරන් කර ගැනීමේ වැඩපිළිවෙලක් සම්පාදනය කිරීමට සියලු පාර්ශව සම්බන්ධ කරගෙන සිටියි.

     

    මේ වනවිටත් ශ්‍රී ලංකාව ග්ලුකෝමා අභියෝගය ජයගැනීම සඳහා පෙළගැසී සිටියි. ශ්‍රී ලංකා විෂන් 2020 වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යාංශය, අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ ඒකාබද්ධ වෙමින් සුවිශේෂී ක්‍රියාදාමයක් ගෙන තිබේ.

     

    සමාජයේ පුරවැසියන් ඉදිරියේ ඇති තවත් අවදානමක් හදුනාගෙන තිබේ. තමන්ගේ නෙත් පිළිබඳව සැළකිලිමත් විය යුතු කාලය පැමිණ තිබේ. ග්ලුකෝමා රෝගය කිසිසේත් බැහැර කළ හැකි හෝ නොසලකා හැරිය හැකි රෝගයක් නොවේ. ග්ලුකෝමා රෝගය පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුයි. වසරකට වරක්වත් තමන්ගේ අක්ෂි පරික්ෂා කරගත යුතුය. එවිට ග්ලුකෝමා අවදානමෙන් ඔබට වැළකීමට පුළුවන. නැතහොත් සිදුවන්නේ අදෘශ්‍යමාන ග්ලුකෝමාවට ඔබ ගොඳුරුවීමය.

    fyj

     

    තොරතුරු ඇසුරෙන් සකස් කළේ,

    ප්‍රභාත් රත්නායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya