මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතොස සහල් මිල නියම කළ මිලට වඩා අඩුවෙයි

    මාර්තු 04, 2017

    සහල් සඳහා නියම කල උපරිම සිල්ලර මිලටත් වඩා රුපියල් තුනක් අඩුවෙන් ලක් සතොස මගින් සහල් විකුණන බව කර්මාන්ත  හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  මහතා පවසයි.

    දේශීය හා ආනයනික සහල් තොග අවශ්‍ය තරම් සතොස ගබඩාවල ඇති බැවින් පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් මෙම පියවර ගත් බව ඇමතිවරයා පෙන්වා දෙයි.

    ඒ අනුව උපරිම සිල්ලර මිල රුපියල් 78 ක් ලෙස නියම කර ඇති දේශීය සුදු රතු කැකුළු හා සුදු කැකුළු සහල් කිලෝවක් රු. 75 ක ට මිලදී ගත හැකි බවත්, ඇතැම් සිල්ලර වෙළෙඳුන් දේශීය හා ආනයනික සහල් උපරීම සිල්ලර මිලට විකිණිය නොහැකි බවට මැසිවිලි නගන බැවින් ඔවුන් සඳහා අවශ්‍ය සහල් තොග සතොස මගින් සැපයිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
     
    මේ අතර, ලක් සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන්  මහතා සඳහන් කර සිටින්නේ සතොස සතුව ප්‍රමාණවත් සහල් තොග ඇති බැවින් ජංගම රථ යොදවා නගර හා ජනාකීර්ණ ප්‍රදේශවල සහල් අලෙවි කිරීමට කටයුතු කරන බවයි.

    ළඟ එන සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ සහල් මිල ඉහළ යා හැකි බවට අසත්‍ය ප්‍රචාර ගෙන ගියද රට තුළ කිසිසේත්ම සහල් හිඟයක් ඇති නොවන බවත්, ඉදිරියේදී සහල්වල මිල අඩුවීමක් මිස වැඩිවීමක් නොවන බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya