Youth Club ජාතික සමුළුව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා

Youth Club ජාතික සමුළුව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා
  • SocialShare:

YOUTH CLUB ජාතික සමුළුව පිළිබඳ රට පුරා තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඊයේ (05) සිට ආරම්භ විය. YOUTH CLUB ජාතික මහා සමුළුව අගෝස්තු මස (12) වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

රට පුරා ග්‍රාම සේවා වසම් මට්ටමින් , යූත් ක්ලබ් ගොඩනැගීමෙන් පසුව ප්‍රාදේශීය සම්මේලන සහ දිස්ත්‍රික් සම්මේලන පිහිටුවීම මේ වනවිට අවසන්ව ඇත.
YOUTH CLUB ජාතික සම්මේලනය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් ඊයේ (05) නුවරඑළිය නගරයේ දී පැවැත් වුණු අතර, සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරි දිනවලදී සිදු කිරීමට නියමිතයි.