ජාතික විද්‍යා සතිය පදනම් කරගනිමින් කැලනිය විශ්ව විද්‍යාලය හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය එක්ව සංවිධානය කරන Hackathon තරගාවලිය මෙරට සියලුම විශ්ව විද්‍යාල හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ Hackathon තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
විශ්ව විද්‍යාල හා පාසල් වල සිටින ආචාර්යවරුන්ට මෙම තරගාවලිය සදහා දරුවන් උනන්දු කරන ලෙස ආරාධනා කළ අමාත්‍යවරයා එමගින් අපේ රටේ ඇති සැඟවුණු කුසලතා ඉදිරියට ගැනීමට හැකි බවද ඒ තුළින් රටේ ආර්ථිකයට දායකත්වයක් දැක්වීමට හැකිවන බවද අවධාරණය කළේය.
මෙම තරගාවලිය මගින් විශ්ව විද්‍යාල හා පාසල් සිසු සිසුවියන්ගේ සැඟවුණු දක්ෂතා ඔපමට්ටම් කිරීමට අවස්ථාවක් සැලසෙන බවද මෙම තරගාවලියේ කූටප්‍රාප්තිය ජාත්‍යන්තර විද්‍යා දිනයේදී එනම් නොවැම්බර් 10 වනදා සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ජාත්‍යන්තර විද්‍යා දිනයෙන් පසුවද නවෝත්පාදන ඉදිරියට ගෙන යායුතු බවද එම නිෂ්පාදන රටේ ආර්ථිකයට දායක කරගැනීමේ වගකීම දරන බවද සඳහන් කළේය.
අපගේ ප්‍රතිපත්තිය වශයෙන් විද්‍යාව හා තාක්ෂණය රටේ ආර්ථිකයට දායක වන ලෙස යොමුකළ යුතු බවද අවධාරණය කළේය.


