සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ෂණය සහ එම දුම්රිය ගමනට පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඇල්ල - ඔඩිසි - කැන්ඩි සහ ඇල්ල ඔඩිසි - නානුඔය ලෙස නව දුම්රිය දෙකක් පෙබරවාරි මාසයේ සිට ධාවනයට එක්කිරීමට නියමිත අතර, පෙබරවාරි 10 දා සිට සෑම සඳුදා දිනකම යාමට සහ පෙබරවාරි 11 සිට සෑම අඟහරුවාදා දිනකම නැවත ඒමටත් ඇල්ල ඕඩිසි - කොළඹ දුම්රියේ අමතර ගමන්වාරයක් ද යෙදවීමට නියමිතය.
ඇල්ල - ඕඩිසි - කැන්ඩි දුම්රිය පෙබරවාරි මස 01 වන දින සිට සෑම සති අන්තයකම මහනුවර සහ දෙමෝදර අතර ධාවනයට යෙදවන යෙදවෙනු ඇත.
ඇල්ල ඕඩිසි - නානුඔය දුම්රිය පෙබරවාරි මස 10 වන දින සිට, නානුඔය සහ බදුල්ල අතර ධාවනයට සඳුදා දිනවල හැර එක්වන අතර නානු ඔය සිට බදුල්ල දක්වා අඟහරුවාදා දිනවල හැර ධාවනයට එක් වනු ඇත.
කොළඹ සහ බදුල්ල අතර ධාවනය වන ඇල්ල ඕඩිසි - කොළඹ දුම්රියේ අමතර ගමන් වාරයක් පෙබරවාරි මස 10 වනදා සිට සෑම සඳුදා දිනයකම කොළඹින් පිටත්වීමට සහ පෙබරවාරි 11 වන දා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ලෙන් පිටත්වීමට නියමිතය.
මීට අමතරව ජනවාරි මස 31 වන දා සිට කොළඹ සහ කන්කසන්තුරෛයි දක්වා සහ පෙබරවාරි 01 සිට කන්කසන්තුරෙයි සිට කොළඹ දක්වා රාත්‍රී තැපැල් දුම්රිය දිනපතා ධාවනයට එක් කෙරේ.
එම මාධ්‍ය නිවේනදය මෙසේය.