සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සිංගප්පූරුවේ විශාලතම සෞඛ්‍ය සේවා ආයතන සමූහය සහ රජයේ රෝහල්, ජාතික විශේෂිත මධ්‍යස්ථාන මෙන් ම බහු සායන ජාලයකින් සමන්විත Singhealth Duke-NUS ගෝලීය සෞඛ්‍ය ආයතනන නියෝජිත කණ්ඩායමක් අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීම, නවෝත්පාදනයන් පෝෂණය කිරීම සහ මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායේ සායනික කුසලතා වැඩි දියුණු කිරීම සඳහා පිහිටුවා ඇති යාපනය ප්‍රාදේශීය සහයෝගිතා මධ්‍යස්ථානය Regional Collaborating Centre (RCC) හි වත්මන් ක්‍රියාකාරකම් පිළිබඳව සහ සෞඛ්‍ය සේවා අංශයේ සහයෝගීතාව සඳහා නව මාර්ග ගවේෂණය කරන අතරම දෙරට අතර පවතින හවුල්කාරිත්වයන් ඉහළ නංවා ගැනීම යන කරුණු පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.
තිරසාර සෞඛ්‍ය සේවා හවුල්කාරිත්වයන් සහ බලපෑම් සහිත මුලපිරීම් සඳහා අන්‍යෝන්‍ය කැපවීම් අනුගමනය කරමින් සිංහෙල්ත් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර දිගුකාලීන සම්බන්ධතාවය පිළිබඳ දළ විශ්ලේෂණයක් Singhealth Duke-NUS ගෝලීය සෞඛ්‍ය ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජාත්‍යන්තර සහයෝගීතා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (වැඩසටහන් සංවර්ධන) විජය රාඕ මහත්මිය මෙහි දී ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම සහ පර්යේෂණ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සහ රෝහල් සමඟ සිංහෙල්ත් සතු සමීප සම්බන්ධතාවය ද ඇය අවධාරණය කළා ය. යාපනය විශ්ව විද්‍යාලයේ සිය හවුල්කරුවන් සමඟ ඒකාබද්ධ පර්යේෂණ, අධ්‍යාපනය සහ සංවර්ධන ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත්ව සම්බන්ධීකරණය කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය මෙහි දී අවධාරණය කළා ය.
මෙරට වත්මන් සෞඛ්‍ය සේවාවන් පිළිබඳ නියෝජිත පිරිස දැනුවත් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒකාබද්ධ පර්යේෂණ, අධ්‍යාපන මුලපිරීම් සහ සෞඛ්‍ය සේවා සංවර්ධන ක්‍රියාකාරකම්වලට අදාළ ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට සිංහෙල්ත් ගෝලීය සෞඛ්‍ය ආයතනය දක්වන කැමැත්ත පිළීබඳවත්, ගෝලීය සෞඛ්‍ය තුළ සෞඛ්‍ය සමානාත්මතාවය පෝෂණය කිරීම, ශක්තිමත් සෞඛ්‍ය පද්ධති ගොඩනැගීම, සෞඛ්‍ය තර්ජනවලින් ප්‍රජාවන් ආරක්ෂිත කිරීම සහ සෞඛ්‍යයේ පුළුල් සමාජීය සහ නිර්ණායකයන්ට ප්‍රතිචාර දැක්වීම තුළින් ජනතාවගේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා සිය සේවා ලබාදීම පිළිබඳව ස්තූතිය පුද කරන ලදි. පුහුණු වැඩසටහන් සහ තාක්ෂණික විශේෂඥතාව බෙදා ගැනීම තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ධාරිතා ගොඩනැගීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා තවදුරටත් සහාය ලබා ගැනීමේ ඇති හැකියාව පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් දක්වන ලදි.


