වි මෙට්‍රික් ටොන් 5000ක ධරිතාවයකින් යුතු වල් වැදී ඇති සතොස වී ගබඩා සංකීර්ණය, ඉදිරි මහා කන්නයේ අස්වනු මිලද දී ගෙන ගබඩා කිරීම සඳහා කඩිනමින් නවීකරණය කර පිළිසකර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස වෙළඳ වාණිජ සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
වසර ගණනාවක් අතහැර දමා ඇති හිගුරක්ගොඩ සතොස වී ගබඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (29) නිරීක්ෂණ චාරිකාවට එක් වූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
අමාත්‍යවරයා ඇතුළු පිරිස මැදිරිගිරිය ධාන්‍ය සුරක්ෂිත මධ්‍යස්ථානය සහ ගබඩාව පරික්ෂා කිරීමට ද එක් විය.
මෙට්‍රික් ටොන් 3000 ක ධාරිතාවයකින් යුතු මෙම ධාන්‍ය සුරක්ෂිතාගාරය නිසි ක්රමවෙදයක් ඔස්සේ ඵලදායි අයුරින් යොදා ගැනීමට අදාළ ක්‍රමවේදයන් සකස් කරන ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා ඉදිරියේ දී වැඩි අස්වනු ප්‍රමාණයක් ගබඩා කිරීමට කටයුතු සම්පාදනය කරන ලෙස ද උපදෙස් දුන්නේය.
වී අලෙවි මණ්ඩලයේ සභාපති ඇතුළු ආයතනයේ සේවක පිරිසක් ද, සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපති, ආහාර කොමසාරිස්, රාජ්‍ය හා වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති සහ ස්වේච්ඡා සංවිධාන ඇතුළු ගම්වාසීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.