නව යුද හමුදාපති ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත් කෙරේ

නව යුද හමුදාපති ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත් කෙරේ
  • SocialShare:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු පත් කරනු ලැබ ඇත.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  මහතා  ජනාධිපති කාර්යාලයේදී අද (30) ඔවුන් වෙත භාර දුන්නේය.

යුද හමුදාපති  ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ  සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් හෙට (31) සිය ධුරවලින් විශ්‍රාම යාමට නියමිතය.