MSC ELSA 3 - නොෟකා අනතුර ගැන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැඩි අවධානයක

MSC ELSA 3 - නොෟකා අනතුර ගැන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැඩි අවධානයක
  • SocialShare:

කේරළ වෙරළ තීරයට නාවුක සැතපුම් 38ක් ඔබ්ඹෙන් වන මුහුදු ප්‍රදේශයේ දී පසුගිය 25 වනදා අනතුරට පත් ලයිබීරියාවේ ධජය සහිත (MSC ELSA 3) බහාලුම් නෞකාව හේතුවෙන් ශ්‍රි ලංකාවට සිදු ව්ය හැකි බලපෑම අවම මට්ටමක පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරියේ සාමානාධිකාරි ජගත් ගුණසේකර මහතා ඊයේ (12) පරිසර අමාත්‍යාංශයේ  පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ නෞකා අනතුර හේතුවෙන් මත්ස්‍යා පරිභෝජනයට හෝ ධිවර කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තහනමක් පනවා නොමැති අතර එවැනි අවශ්‍යතාවයක්ද මතුව නොමැති බවයි.

මෙම අනතුරින් පසුව අදාළ නෞකාවේ තිබු ප්ලාස්ටික් පෙලට්ස් ඩෙල්ෆ්ට් සහ නාගදීප වෙරළට ගොඩගසා ඇති අතර මන්නාරම කිලිනොච්චි සහ හලාවත වෙරළ තීර වලද අදාළ ප්ලාස්ටික් මේ වනවිට දක්නට ලැබෙන බවයි ජගත් ගුණසේකර මහතා පැවසුවේ.

එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද හෙතෙම සදහන් කළා.

පවතින වර්ෂාව සහ මුහුද රළු වීමේ ස්වාභාවයත් සමග එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය දිවයිනේ වෙනත් වෙරළ කලාප වලට ගොඩගැසීමේ අවධානමක් පවතින බැවින් ඒ පිලිබදව 1949 හදිසි මෙහෙයුම් මැදිරියට දැනුම් දෙන ලෙසයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඉල්ලීමක් කළේ.

එහි සාමානාධිකාරි ජගත් ගුණසේකර මහතා කියා සිටියේ ඉන්දියාවෙන්,ජාත්‍යන්තර ආයතනවලින්
සහ නාවික හමුදාවෙන් අදාළ අනතුර සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු ලැබෙන අතර එම තොරතුරු පිලිබදව අවධානයෙන් පසුවන බවයි.

නෞකා අනතුර හේතුවෙන් පරිසර පද්ධතියට හෝ වෙරළ කලාප වලට බලපෑමක් සිදුව ඇත්දැයි සොයාබැලීම සදහා නාරා ආයෙතනය, ධිවර දෙපාර්තමේන්තුව සහ සංචාරක අමාත්‍යංශය දැනුවත් කර ඇති අතර මුහුදු ඇතුළු පරිසර කළාප වල වෙසෙන ජිවින්ට බලපෑමක් සිදු විය හැකිද යන්න සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධ්‍යනය කරනු ඇති.

එම නෞකාවේ බහාලුම් 643 තිබී ඇති අතර බහාලුම් 13ක අන්තරායකාරී ද්‍රව්‍ය ඇතුලත් වී තිබෙනවා.

බහාලුම් 12ක කැල්සියම් කාබයිට් අන්තර්ගතව තිබු බවට වාර්තා වී ඈති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමානාධිකාරි ජගත් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.