ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වන වාරිකය ශ්‍රී ලංකාවට හිමි වූ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
අද(01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.
විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සඳහා තවත් වාරිකයක් අනුමත කිරීමට ඊයේ රැස් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර ඇති බවත්, ඇමරිකානු ඩොලර් මිලියන 344ක ණය වාරිකයක් එලෙස අනුමත කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.