ශ්‍රී ලංකාවේ ICT/BPM කර්මාන්තය ජපානය තුල ශක්තිමත් කිරීම සඳහා EDB සහ JICA අතර හවුල්කාරිත්වයක්

ශ්‍රී ලංකාවේ ICT/BPM කර්මාන්තය ජපානය තුල ශක්තිමත් කිරීම සඳහා EDB සහ JICA අතර හවුල්කාරිත්වයක්
  • SocialShare:

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ (ICT) සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM) කර්මාන්තය ජපන් වෙළදපල තුල ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) යන දෙපාර්ශ්වයන් අතර ඇතිකරගෙන තිබූ එකගතාවය දීර්ඝ කිරීමක් පසුගියදා කොළඹ දී සිදුකෙරිණි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරොනුමා මහතා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සහභාගී විය.
2024 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන සදහා ජපන් වෙළදපොලට අදාල වෙළඳපොළ තොරතුරු, ව්‍යාපාරික පුහුණුව සහ ආනයන අපනයනකරුවන් සම්බන්දීකරණ සේවා ලබා දීම මගින් වසර දෙකක් පුරා ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම ව්‍යවසාය (SME) ICT/BPM සමාගම් 30කට සහාය දෙනු ලබයි.
2014 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව සහ JICA ආයතනය පවත්වාගෙන යන සහයෝගිතාව මත ගොඩනගා ගත් මෙම වැඩසටහන, තාක්ෂණ ප්‍රවර්ධනය, නවෝත්පාදනය සහ ගෝලීය වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීම මගින් දෙරටටම තිරසාර ආර්ථික වර්ධනයක් දිරිගැන්වීම අරමුණු කරගෙන ඇත.
මුල් සැලැස්ම අනුව 2025 ඔක්තෝබර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබූ මෙම වැඩසටහන, අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීම මත එක් වසරකින් දීර්ඝ කර ඇත. වැඩසටහන දීර්ඝ කිරීම මගින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සමාගම්වලට වෙළඳපොළ තොරතුරු, ව්‍යාපාරික පුහුණුව සහ වෙළද ගනුදෙනුකරුවන් සම්බන්ධීකරණ සහාය වඩාත් හොදින් සිදුකර ගත හැකි අතර තෝරාගත් සමාගම් කිහිපයකට POC ක්‍රමවේදය හඳුන්වා දෙනු ඇත.