මහජන සෞඛ්‍ය පරීක්ෂක කවුන්සිලයේ සමාජිකයන් සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

මහජන සෞඛ්‍ය පරීක්ෂක කවුන්සිලයේ සමාජිකයන් සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
  • SocialShare:

මහජන සෞඛ්‍ය පරීක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් සහ අධ්‍යාපන" උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්ත මහතා අතර සාකච්ඡාවක් අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධ්‍යාපන අවස්ථා පිළිබඳ වැදගත් කරුණු රැසක් සාකච්ඡා විය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම" රුහුණු විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ඇතුළු මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලා සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම ආදි ඉල්ලීම් සම්බන්ධව ඉදිරි මැදිහත්වීම් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙ විශේෂ අවධානය යොමු විය.

මේ පිළිබඳ ඉදිරි සාකච්ඡාව නියෝජ්‍ය අමාත්‍යවරයා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරින් මෙන් ම වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ද පැවැත්වීමට නියමිත ය.

 
 
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.